සතොස භාණ්ඩ 10ක මිල පහළ දමයි

Published in පුවත්
Friday, 15 December 2023 13:43

එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස විසින් භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ.

එම මිල අඩුකිරීම් අද (15) සිට දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන පවසයි.

ඒ අනුව සතොස කිරිපිටි මිල රුපියල් 10කින් අඩුකර ඇති අතර එහි නව මිල 940කි.

ආනයනික ටින් මාළු ග්‍රෑම් 425 මිල රුපියල් 55කින් අඩුකර ඇති අතර ග්‍රෑම් 155 ටින් මාළු මිල රුපියල් 10කින් අඩුකර තිබේ. දේශීය ටින්මාළු ග්‍රෑම් 425 රුපියල් 20කින් මිල අඩුකර ඇත.

අනයනික සහ දේශීය අල මිල රුපියල් 15කින් අඩුකර තිබේන අතර රතු නාඩු සහ සුදු නාඩු සහල් කිලෝ එකක මිල රුපියල් 15කින් සහ රුපියල් 05කින් අඩුකර ඇත.

කඩල කිලෝවක මිල රුපියල් 5කින් අඩුකර තිබේ.

ජනතාවට අඩුම සීනි මිල සතොස හරහා ලබාගත හැකි බවත් සීනි කිලෝවක් රුපියල් 275කට අලෙවි කරන බවත් සතොස නිවේදනය කරයි.

බිත්තරයක් රුපියල් 35කට ලබාදීමටත් තීරණය කර තිබේ.

උත්සව සමය වෙනුවෙන් ලූනු කිලෝවක මිල රුපියල් 400ක මිලට පහළින් පවත්වාගෙන යෑමට කටයුතු කරන බවත් සතොස දැනුම්දෙයි.

 

-P.M

Last modified on Friday, 15 December 2023 14:12

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us