දරුවන්ට වැලඳෙන හතිය රෝගය ඉහළ ගිහින්

Published in පුවත්
Saturday, 16 December 2023 08:40

දරුවන්ට වැලඳෙන හතිය රෝගය ඉහළ ගොස් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසා තිබේ. 

ඊට හේතු වී ඇත්තේ කාලයක් තිස්සේ අඛණ්ඩව ඇද හැලෙන වර්ෂාපතනය නිසාත් ඒ සමග ව්‍යාප්ත වන වෛරස් උණ රෝගය නිසාත් මේ තත්ත්වය බලපා ඇති බව ඒ මහතා පැවසුවේය.

කැස්ස, සෙම්ප්‍රතිශ්‍ය­ාව, උණ රෝග ලක්ෂණ කිසියම් දරුවකුට තිබෙන්නේ නම් එම දරුවා පාසලට හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට නොයැවිය යුතු බව ද හෙතෙම පැවසීය.

වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඉහළ ශ්වසන පද්ධතිය තුළ මේ වයිරස් රෝගයන් හට ගන්නා අතර ඩෙංගු ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බවත්,  ශ්වසන රෝගයන්ට අමතරව ඇස් රෝගයක් ද ව්‍යාප්ත වෙමින් පවතින බවත් දරුවන් මේ වයිරස් ආසාදනවලින් ආරක්ෂා කරෙගැනීමට මවුපිය වැඩිහිටියන් සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත්ය. එමෙන්ම දරුවන්ට මේ වයිරස් ආසාදනයන් වැලඳී ඇත්නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත යුතු බවය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us