ආනයනික බිත්තර මිලියන 10ක් අද වෙළෙඳපොළට

Published in පුවත්
Monday, 18 December 2023 08:21

ආනයනික බිත්තර මිලියන 10ක් අද (18) සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

අදාළ බිත්තර තොගය අද සිට ලංකා සතොස ආයතනය වෙත බෙදාහැරීමට නියමිත බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේය.

ඒ අනුව කිසිදු හිගයකින් තොරව සතොස අලෙවිසැල් ජාලය හරහා උත්සව සමයේ දී ජනතාවට බිත්තර මිලදී ගැනීමට හැකිවනු ඇති බවයි සඳහන් වන්නේ.

මේ අතර තවත් ආනයනික බිත්තර මිලියන 15ක් මෙරටට රැගෙන ඒමට නියමිත අතර එම තොග, තත්ත්ව පරීක්ෂණ කටයුතු සඳහා කඩිනමින් යොමු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේය.

අදාළ පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව එම බිත්තර තොග ද සතොස අලෙවිසල් ජාලයෙන් මෙන්ම තෝරාගත් සුපිරි වෙළෙඳසල් කිහිපයක් සඳහා බෙදා හැරීමට නියමිත ව තිබේ.

පසුගිය කාලය තුළ දේශීය බිත්තර නිෂ්පාදකයින් අවස්ථා කිහිපයක දී බිත්තර මිල ඉහළ දැමීමට පියවර ගැනීමත් සමග පාරිභෝගිකයින් පීඩාවට පත්වීම වැලැක්වීමේ අරමුණින් රජය ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පියවර ගත්තේය.

කෙසේවෙතත් බිත්තර ආනයනය නතර කරන බවට රජය ප්‍රකාශ කිරීමත් සමග යළිත් වරක් දේශීය බිත්තරයක මිල ගණන් රුපියල් 55ත් 65ත් දක්වා ඉහළ ගිය අතර පවතින තත්ත්වය තුළ යළිත් වරක් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

පාරිභෝගිකයින් අපහසුතාවට පත්වීම වැළැක්වීම වෙනුවෙන් අධියර කිහිපයක් යටතේ ඉදිරියේ දී ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us