ජන්ද ගන්න සජිත් බාගයට ඉදිකළ නිවාස නිසා ජනතාව පිඩාවට

Published in පුවත්
Monday, 18 December 2023 08:44

වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමැතිවරයාව සිටියදී දිවයින පුරා ඉදි කිරීම් ආරම්භ කර වැඩ අවසන් නොකර අතහැර දැමූ උදාගම්මාන 2,150ක අඩක් ඉදිකර ඇති නිවාස 39,815ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමැතිවරයාව සිටි 2015-2019 සිවු වසර තුළදී දිවයින පුරා උදාගම්මාන 2,158ක නිවාස ඒකක 42,610ක වැඩ ආරම්භ කර තිබුණි. නමුත් ඒවායේ වැඩ අවසන් කර තිබුණේ අර්ධ වශයෙනි. බොහෝමයක් නිවාස පදිංචියට සුදුසු තත්ත්වයේ නොතිබීම හේතුවෙන් ඒවායේ හිමිකරුවන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවට පසුගිය සමයේදී තොරතුරු වාර්තාවී තිබුණි. මෙම තත්ත්වය හේතුවී ඇත්තේ එක් උදාගම්මාන වැඩ සටහනක් සඳහා වෙන් කළ මුදල කොටස් වශයෙන් උදා ගම්මාන කිහිපයක් සඳහා බෙදා දීම නිසාවෙන් බවට ද තොරතුරු අනාවරණය වී තිබේ. තමන්ගේ කාලයේදී ගම්මාන රැසක් ඉදිකළ බව පෙන්වීමේ අරමුණින් මෙලෙස කටයුතු කර ඇති බව ද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව මෙලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ කාලයේ වැඩ අවසන් නොකර අතහැර දමා තිබූ උදා ගම්මාන ගම්මාන 8 නිවාස 2,795ක වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට පියවර ගැණින. රජයේ හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මූල්‍ය ප්‍රතිපාදන යොදා ගනිමින් එම ගම්මානවල වැඩ අවසන් කෙරිණ. නමුත් කොවිඩ් -19 වයිරස් ව්‍යාප්තිය හා රට මුහුණ දුන් ආර්ථික අර්බුද හා අරගල හේතුවෙන් එම වැඩපිළිවෙළ ද අතරමඟ නතර කිරීමට සිදු විය.

මෙම තත්ත්වය සැලකිල්ලට ගත් ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අධිකාරියට උපදෙස් දී ඇත්තේ එම ගම්මානවල වැඩ අවසන් කෙරෙනතුරු නව ගම්මාන ඉදි නොකරන ලෙසයි.

මේ අතර විවිධ රජයන් විසින් වැඩ ආරම්භ කර අතරමඟ නතර කර දමා ඇති නිවාස 98,000 ඉදි කිරීම් කඩිනමින් අවසන් කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය පවසන්නේ ඒ සඳහා රුපියල් මිලියන 24,000ක මුදලක් අවශ්‍ය බවයි.

ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට සුදුසු වැඩපිළිවෙළක් කඩිනමින් සකස්කර තමන්වෙත ඉදිරිපත් කරන ලෙස ද නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.

නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ 2015 සිට 2019 දක්වා කාලයේ නිවාස ණය අනවසරයෙන් ලබා දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට නියෝග කර තිබේ.

ඒ අනුව මේ වන විට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන අතර සජිත් ප්‍රේමදාස මහතා නිවාස විෂය භාර ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ සමයේදී තමන්ට රිසිසේ අත්තනෝමතික ලෙස නිවාස ආධාර හා ණය ලබා දී ඇති බව ද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට එලෙස වැඩි වශයෙන් නිවාස අධාර හා ණය ලබා දී ඇති බව ද අනාවරණය වී ඇති බව ද කියයි. එම පරීක්ෂණ මඟින් අනාවරණය වන තොරතුරු අනුව නුසුදුසු ප්‍රතිලාභීන්ගේ ඉදිරි නිවාස ණය හා ආධාර වාරික ලබා නොදීමටත්, මෙතෙක් ලබා දී ඇති වාරික යළි ඔවුන්ගෙන් අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.

-දිනමිණ

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us