සහල් සහ ඉරිඟු ගෙන්වන්න කැබිනට් අනුමැතිය...

Published in පුවත්
Tuesday, 19 December 2023 12:52

කීරි සම්බා සහල් වර්ගයට සමාන ජී.ආර් 11 සහල් වර්ගයෙන් සහල් මෙට්‍රික් ටොන්  50,000 ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ආහාර ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශය පරිදි වෙළඳපොලේ සහල් මිල පාලනය කිරීම සඳහා සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනය  කිරීම පිණිස 2023/11/20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව දේශීය වෙළඳපොලේ කීරි සම්බා සහල් සහ සම්බා සහල්වල මිලෙහි තරගකාරීත්වයක් ඇති කරමින් මිලෙහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් මෙම සහල් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබි ඇත.

එමෙන්ම විවෘත වෙළෙඳපොළේ ප්‍රමාණවත් බඩඉරිඟු තොග නොමැති වීම හේතුවෙන් බඩඉරිඟු මෙට්‍රික්ටොන් 15,000ක් ආනයනයට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ලියාපදිංචි විදේශ සැපයුම්කරුවන් වෙතින් මෙම බඩඉරිඟු ආනයනය කිරීමට කටයුතු යොදා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us