මතට තිත තියන්න අඛණ්ඩ වැටලීම් - පැය 24ක් තුළ 2,008ක් අත්අඩංගුවට

Published in පුවත්
Thursday, 21 December 2023 11:40

පොලිසිය විසින් නීතිවිරෝධී මත්ද්‍රවය වැටලීම් සම්බන්ධයෙන් ගත වූ පැය 24 තුළ සැකකරුවන් 2,008ක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 400ක්, ගංජා කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 200ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 200ක්, ඈෂ් ග්‍රෑම් 32ක්, හෂිෂ් ග්‍රෑම් 12ක්, මාවා කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 200ක්, කුෂ් ග්‍රෑම් 90ක්, තුල් ග්‍රෑම් 844ක්, ගංජා පැල 73,833ක්, මදන මෝදක කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 100ක් සහ මත්පෙති 17,054ක් මෙසේ සොයාගත් බව පොලිසිය පවසයි.

මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 2,008 දෙනා අතරින් සැකකරුවන් 185 දෙනකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග යටතේ විමර්ශනය සිදුකරනු ලබයි.

මීට අමතරව සැකකරුවන් 33 දෙනකුගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර, පුද්ගලයන් 209 දෙනකු පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇත.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 228 දෙනකු මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us