A/L පංති වැඩමුළු 29 වැනිදායින් තහනම් - පැමිණිලි සදහා ක්ෂණික ඇමතුම් අංක

Published in පුවත්
Friday, 22 December 2023 09:31

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම මේ මස 29 වැනිදා මධ්‍යම රාත්‍රී 12න් පසුව තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් දැනුම් දෙයි.

ඒ අනුව විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම හා එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, උක්ත විභාගය සඳහා අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය හෝ සමාජ මාධ්‍ය ජාලා මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම මේ මස 29 වැනිදා මධ්‍යම රාත්‍රී 12න් පසුව සපුරා තහනම් බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

යම් අයකු හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශ්වයක් මෙකී නියෝග නොසලකා ක්‍රියා කළහොත් ඒ තැනැත්තා හෝ ආයතනය හෝ එම පාර්ශ්වය නීතිය කඩ කළ අයකු ලෙස වරදකරුවකු විය හැකි බව ද , යම් අයකු හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශ්වයක් මෙකී නියෝග යම් ආකාරයකින් කඩ කිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් සිදු කළහොත් ඒ පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ පොලිස් මූලස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ හැකිය.

011-2421111 පොලිස් මූලස්ථානය, 119 පොලිස් හදිසි ඇමතුම් අංකය, 1911 ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය, 011-2784208 හෝ 011-2784537 පාසල් විභාග සංවිධාන අංශය යනාදියට පැමිණිලි කළ හැකිය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us