කවුරු බාධා කළත් ඉදිරි මාස හය තුළ රටතුළ පාතාලය හා කුඩු ජාවාරම සම්පූර්ණයෙන්ම නතර කරනවා - ටිරාන්

Published in පුවත්
Tuesday, 26 December 2023 12:12

විදේශගතව සිටිමින් මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාල කටයුතු මෙහෙයව ජාවාරම්කරුවන් 30දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ දැනට ඩුබායි රාජ්‍යයේ පාතාල සාමාජිකයන් 29 දෙනෙකු හා ප්‍රංශයේ සිටින එක් පාතාල සාමාජිකයකු සම්බන්ධයෙන් රජයට තොරතුරු වාර්තාවී තිබෙන බවය.

විදේශගතව සිටින එම පාතාල සාමාජිකයන් මෙරටට ගෙන ඒමට අදාළ රටවල් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා පවසයි.

මහජන ආරක්ෂක අමත්‍ය ටිරාන් අලස් මේ බව සඳහන් කළේ කිරිඳිවැල සතුටු පවුල අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශන සැණකෙළියේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

කිරිදිවැල සතුටු පවුල අධ්‍යාපන ප්‍රදර්ශනය සහ  වෙළෙඳ සැණකෙළිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සහ මහජන ආරක්ශක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් කිරිදිවැල මධ්‍ය මහා විද්‍යාලය සහ කිරිදිවැල මහා විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (25) ආරම්භ කෙරිනි, එය 31 වනදා දක්වා පැවැත්වේ. රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අධ්‍යාපන සහ වෙළඳ කුටි 50කට වැඩි ගණනකින් මෙය සමන්විතය.

එහිදී ටිරාන් අලස් ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

"යුක්තිය"වැඩසටහන නතර කරන බවට යම් මතවාදයක් තිබෙනවා.?

පිලිතුර- අප කිසිම වෙලාවක එහෙම තීරණයක් අරගෙන නෑ. යුක්තිය වැඩසටහනට බාධා කරන අය තමයි එහෙම කියන්නේ. ඉදිරි මාස හය තුළ රටතුළ පාතාලය හා කුඩු ජාවාරම සම්පූර්ණයෙන්ම නතර කරනවා. කවුරු බාධා කළත් මම ඒ වැඩේ කරනවා.

පාතාල සාමාජිකයන් විශාල පිරිසක් ඉන්නෙ ඩුබායිවල. ඔවුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?

පිලිතුර- පාතාල සාමාජිකයන් වැඩි පිරිසක් ඉන්නෙ ඩුබායිවල. ඊට අමතරව ප්‍රංශයේ හා තවත් රටවල සිටින පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගන්න අවශ්‍ය වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මකයි. ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට අපි උසාවියෙන් රතුවරෙන්තු පවා අරගෙන තිබෙනවා. දැනට ඩුබායිවල ඉන්න පාතාල සාමාජිකයන් 29 දෙනෙක් හා ප්‍රංශයේ සිටින එක් පාතාල සාමාජිකයකු සම්බන්ධයෙන් අපිට තොරතු වාර්තාවී තිබෙනවා.ඔවුන්ව මෙරටට ගෙන්වා ගන්න අදාළ රටවල් සමඟ සාකච්ජා කරගෙන යනවා. නමුත් ඒ රටවල තිබෙන නීතිමය තත්ත්වයන් සමඟ ඒ කටයුතුවලට යම් කාලයක් වැය වෙනවා.

ඉදිරි මාස හය තුළ රටතුළ පාතාලය හා මත්කුඩු ජාවාරම සම්පූර්ණයෙන්ම නැති කරන බවට ඔබට සහතිකයක් දෙන්න පුළුවන්ද?

පිලිතුර- සියයට සියයක්ම නැති කරන බවට සහතිකයක් දෙන්න බැහැ. ලෝකයේ කිසිම රටක එහෙම තත්ත්වයක් තිබෙනවා කියල මම හිතන්නෙ නැහැ. නමුත් අනිවාර්යයෙන්ම ලොකු වෙනසක් කරනවා. මම මේ රටේ ඉන්නකම් පාතාලය හා මත්ද්‍රව්‍ය  ජාවාරමට එරෙහිව ගතහැකි උපරිම පියවර ගන්නවා. මට ඒ ගැන සහතිකයක් දෙන්න පුළුවන්.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක, සුමිත් උඩුකුඹුර, තිස්ස කුට්ටිආරච්චි, කුමාරසිරි රත්නායක,රාජිකා වික්‍රමසිංහ,මන්ජුලා දිසානායක, මුදිතා ප්‍රසාන්ති යන අයවලුන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Last modified on Tuesday, 26 December 2023 12:14

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us