යුක්තිය මෙහෙයුම අද සිට පෙර පරිදිම

Published in පුවත්
Wednesday, 27 December 2023 08:43

මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ යුක්තිය මෙහෙයුම අද සිට පෙර පරිදිම ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

ඔහු සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සියල්ල නීතියේ රැහැනට හසු කර ගන්නා තෙක් මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි.

නත්තල වෙනුවෙන් ක්‍රියාත්මක වූ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ හා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් හේතුවන් ඊයේ හා පෙරේදා යුක්තිය මෙහෙයුමේ සෝදිසි කිරීම් සීමා කෙරුණි.

යුක්තිය මෙහෙයුමේදී සතියක් තුළ අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව, 13,666 කි. අත්අඩංගුවට ගත් සැකකරුවන් 717 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ගැණුනා.

මේ අතර විදේශගතව සිටිමින් මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාල කටයුතු මෙහෙයවන ජාවාරම්කරුවන් 30 දෙනකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ දැනට ඩුබායි රාජ්‍යයේ පාතාල සාමාජිකයන් 29 දෙනකු හා ප්‍රංශයේ සිටින එක් පාතාල සාමාජිකයකු සම්බන්ධයෙන් රජයට තොරතුරු වාර්තා වී තිබෙන බවය.

විදේශගතව සිටින එම පාතාල සාමාජිකයන් මෙරටට ගෙන ඒමට අදාළ රටවල් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා පවසයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us