බීජ අර්තාපල් තොගයක් විනාශ වෙයි

Published in පුවත්
Thursday, 28 December 2023 12:45

ගොවීන් ට ලබා දීම සදහා ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද බීජ අර්තාපල් මෙට්‍රික් ටොන් 21ක තොගයක් භාවිතයට ගත නොහැකි වන ලෙස දිලීර වර්ධනයක් වී ඇති බව වාර්තා‌ වෙයි.

මෙය යාපනයේ කුප්පවේලි ප්‍රදේශයේ ගබඩා තිබු අතර මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය විමර්ශනයක් ද ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන්  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරියගෙන් වහාම වාර්තාවක් කැඳවීමට අමාත්‍ය මහින්ද අමරවීර පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

කෙසේ වෙතත් එම බීජ අර්තාපල් තොගය නිසිපරිදි ගබඩා කර නොතිබීම හේතුවෙන් දිලීර විශේෂයකින් හා බැක්ටීරියා විශේෂයකින් එම අර්තාපල් තොගයෙන් සියයට 40ක පමණ හානි වී ඇති බවට විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

බීජ අර්තාපල් නිසි ලෙස ගබඩා කිරීම සඳහා පියවර නොගැනීම මෙන්ම ඒවා විනාශ වීම මඟින් රජයට සිදු කළ පාඩුව සැලකිල්ලට ගෙන අදාළ වගකිව යුතු නිලධාරින්ගෙන් කරුණු විමසන ලෙස අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති වෙත උපදෙස් ලබා දී ඇති මහින්ද අමරවීර අමාත්‍යවරයා, ඊට අදාළ ඉහළම පියවර ගන්නා ලෙස ද දැනුම් දී ඇති බව සඳහන්ය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us