Facebook ඇතුළු සියලු සමාජ මාධ්‍යවල සැරිසරන පුද්ගලයින් ලියාපදිංචියට Featured

Published in පුවත්
Friday, 29 December 2023 09:17

සියලුම Facebook ඇතුළු සියලු සමාජ මාධ්‍යවල සැරිසරන පුද්ගලයින් ලියාපදිංචි විමේ වැඩපිළිවෙළක් සකස් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

ආමාත්‍යවරයා පැවසුවේ, සමාජ මාධ්‍යයන් හරහා ඇති විෂමචාරයන් ඇතැම් වේලාවට පාලනයක් තිබිය යුතු බවට මතයක් ගොඩ නැගී ඇති බවයි.

ඊට අදාළ සාකච්ඡා දැන් අවසන් වී ඇති බවත් කාලය එළැඹ ඇත්තේ එය ක්‍රියාත්මක කිරීමට බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

”ස්වයං නියාමනයක් අපි උත්සාහ කරා. මම 2010 ඇමතිවරයා ඉදිද්දි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරා. දැන් ලබන සඳුදත් තියෙනවා, ඒ සම්බන්ධව තවත් සාකච්ඡාවක්. මම හිතනවා දැන් සාකච්ඡා අවසන් වෙලා ක්‍රියාත්මක කිරිමට කාලය එළැඹිලා තියෙනවා. අවශ්‍ය විදියට ඒ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා”

සමාජ මාධ්‍යන්ට අදාළව සංඛ්‍යාලේඛන සම්පාදනය කරන DataReportal අනුව, පසුගිය ජනවාරි මාසය වන විට මෙරට සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 6.4 ක් පමණ විය.

-P.M

Last modified on Friday, 29 December 2023 11:24

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us