පෙට්‍රල් සහ ඩීසල් මිළ ඉහළට - භූමිතෙල් මිළ පහළට

Published in පුවත්
Monday, 01 January 2024 08:35

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගම මිල ගණන් අද උදෑසන සිට සංශෝධනය කිරීමට පියවර ගැනීමත් සමගය.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 366 කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 38 කින් ඉහළ දැමීමත් සමග එහි මිල රුපියල් 464 දක්වා ඉහළ ගියේ ය.

ලීටරයක් රුපියල් 29 කින් ඉහළ දැමීමත් සමග ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 358 ක් දක්වා ඉහළ ගොස් ඇත.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 41 කින් ඉහළ ගිය අතර එහි නව මිල, රුපියල් 475 කි.

භූමිතෙල් මිල රුපියල් 11 කින් පහළ දැමීමත් සමග එහි නව මිල සටහන් වන්නේ, රුපියල් 236 ක් ලෙසයි.

-P.M

Last modified on Monday, 01 January 2024 09:39

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us