TIN එකක් නැත්නම් 50,000 ක දඩයක්

Published in පුවත්
Monday, 01 January 2024 13:20

අද (2024 ජනවාරි 01) සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ අද දිනට හෝ අද දිනට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ වන පුද්ගලයින්, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී, බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (Taxpayer Identification Number - TIN) ලබා ගැනීම අනිවාර්යය බවය.

තවද, තක්සේරු වර්ෂයක් (එක් වර්ෂයක අප්‍රේල් මස 01 වන දින සිට ඊළඟ වර්ෂයේ මාර්තු මස 31 වන දින දක්වා) සඳහා යම් තැනැත්තෙකු රු. 1,200,000/- ට වැඩි ආදායමක් ලබන්නේ නම්, ආදායම් බද්ද සඳහා ලියාපදිංචි විය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මෙහිදී, ඉහත පරිදි ලියාපදිංචි නොවන තැනැත්තන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරවීමට කරනු ලබන බවත්, එහිදී රු. 50,000 නොඉක්මන දණ්ඩනයකට ද යටත් විය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි.

මේ සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇති සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

TIN IRD CMN27122023 S Registration 1

Last modified on Monday, 01 January 2024 13:22

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us