හොඳින් හෝ නරකින් ආර්ථිකය ගොඩ ගන්න පියවර ගන්නවා - මනූෂ නානායක්කාර

Published in පුවත්
Monday, 01 January 2024 20:30

හොඳින් හෝ නරකින් ආර්ථිකය, රට සහ ජනතාව ගොඩ නැගීමට පියවර ගන්නා බවත් ඊට අවශ්‍ය තීන්දු නොබියව ගැනීමට කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය බලය සහ මඟ පෙන්වීම ජනාධිපතිවරයා ලබා දී ඇති බවද කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

නව වසරේ රාජකාරි ආරම්භ කිරීම නිමිත්තෙන් අද (01) දින අමාත්‍යංශ පරිශයේ පැවති ප්‍රතිඥා දිමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී මෙම වසර තුලදී අමාත්‍යංශයේ කටයුතු පෙර වසර මෙන්ම ඉතා කාර්යක්ෂමව සිදු කිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා විසින් සියලුම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනු ලැබීය.


ඉකුත් වසර තුලදී අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් සිය රාජකාරී නිසි ලෙස ඉටු කිරීමට පියවර ගත් බවත් එහි ප්‍රතිඵලයක් ලෙස වාර්ථමානයේ මෙරට සාර්ථකම අමාත්‍යාංශය බවට පත්වීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයට හැකියාව ලැබුණු බවද හෙතෙම පැවසීය.


මෙරට තුල පැවති දැඩි අර්බුදකාරී තත්ත්වය වෙනස් කරමින් සාධනීය තත්ත්වයකට අමාත්‍යංශ්‍ය සහ රට පත් කරගැනීමට සියලුම රාජ්‍ය නිලධාරීන් උපරිමයෙන් කැපවී කටයුතු කර තිබෙන බවත්, එහි ප්‍රතිඵල අදවන විට භුක්ති විඳිමින් සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us