විදුලි අර්බුදයෙන් රත්වෙන දේශපාලන වේදිකාවේ තතු

Published in පුවත්
Thursday, 04 January 2024 15:39

රට තුළ පවතින විදුලි අර්බුදයට මූලික වශයෙන් බලපෑ කරුණු පිළිබඳව සඳහන් කරමින් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වාර්තාවක් සකස් කර තිබේ.

අදාළ වාර්තාව තුළින් විදුලි අර්බුදයෙන් මිදීම සඳහා යෝජනා සහ නිරීක්ෂණ ඉදිරිපත් කර තිබෙන අතර ඒ පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම වෙත දැනුම්දී ඇත.

ඉන් පෙන්වා දෙන්නේ ඉහළ ගිය විදුලි ගාස්තු එලෙසම පවත්වා ගැනීමෙන් අර්බුදය තව තවත් තීව්‍ර වෙමින් පවතින බව නිරීක්ෂණය වූ බවය.

අදාළ වාර්තාව පහතින්,

12 ceb3ceb4ceb

 

මේ අතර නව විදුලි පනත හරහා මහා විදුලි අර්බුදයක් නිර්මාණය කරන බවට සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වෙත ලිපියක් යොමුකර තිබේ.

පසුගිය දෙසැම්බර් මස 19 වනදා අමාත්‍යවරයා විසින් මන්ත්‍රීවරයා වෙත යොමුකර ඇති ලිපියට පිළිතුරු ලබාදෙමින් විමල් වීරවංශ මෙම ලිපිය යොමුකර තිබේ.

මේ හරහා මහජනයාට ද ඉතා අධික විදුලි පිරිවැයක් දැරීමට සිදුවන බවත් රටේ බලශක්ති සුරක්ෂිතතාව ද අනතුරට ලක්වනු ඇති බවත් විමල් වීරවංශ සිය ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයින් පිරිසකට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ රන්ජන් ජයලාල් ඇතුළු අනෙක් අය ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යංශ පරිශ්‍රය සහ මහ බැංකු පරිශ්‍රයට අද දින ඇතුළු වීමෙන් වැළකී සිටිය යුතු බවයි.

විදුලිබල මණ්ඩලය පුද්ගලික කරණය කිරීමට සැරසෙන බව පවසමින් එහි වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us