රටම ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන සතියක්

Published in පුවත්
Thursday, 04 January 2024 15:54

බස්නාහිර හා මධ්‍යම පළාත්වල ඩෙංගු ව්‍යාප්තිය පාලනයට ක්‍රියාත්මක ඩෙංගු මර්දන හා දැනුවත් කිරීමේ වැඩසටහන් සාර්ථක කර ගැනීමට දායකවූවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ප්‍රසාදය පළ කර තිබේ.

ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ බස්නාහිර හා මධ්‍යම පළාත්වල ඩෙංගු මර්දනය සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රගති සමාලෝචන රැස්වීමේදීයි.

බස්නාහිර හා මධ්‍යම යන පළාත්වල ඩෙංගු ව්‍යාප්තිය වැඩි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ක්‍රියාත්මක කරන ලද විවිධ ඩෙංගු මර්දන හා දැනුවත් කිරීමේ වැඩසටහන් හේතුවෙන් සැළකිය යුතු අන්දමින් ඩෙංගු ව්‍යාප්තිය පාලනය වී ඇති බව ජනාධිපති කාර්යාලයේ ඊයේ (03) පැවති මෙම සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන කළේ, යාපනය, ත්‍රිකුණාමලය හා මඩකලපුව වැනි දිස්ත්‍රික්ක කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමක ඩෙංගු ව්‍යාප්තිය පවතින බව මෙහිදී සාකච්ඡා වූ බවයි.

රාජ්‍ය ආයතන, පාසල්, ආගමික ස්ථාන, පොදු ස්ථාන හා පෞද්ගලික ආයතන ආශ්‍රිතව ඩෙංගු රෝගය ව්‍යාප්තිය බහුලව සිදුවන ප්‍රදේශ ලෙස හඳුනා ගෙන ඇති බව ද මෙහිදී අනාවරණය වී ඇත.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කිරීමටත් ඊට සුදුසු නිලධාරීන් පත් කිරීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හා වැඩබලන පොලිස්තිවරයාගේ සහභාගීත්වයෙන් විශේෂ හමුවක් අද දිනයේදී පැවැත්වීමටත් මෙහිදී තීරණය කෙර තිබේ.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් මීට එක්ව සිටියහ.

මේ අතර දිවයිනම ආවරණය වන පරිදි ලබන 07 වනදා සිට විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

පවතින ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

අද (04) සිට දිස්ත්‍රික් මට්ටමෙන් ඩෙංගු මදුරු මර්දන කමිටු ස්ථාපිත කිරීමට සහ ලබන 07 වනදා සිට දිවයිනේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල කේන්ද්‍ර කරගනිමින් ඩෙංගු මර්දන විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සදහා අද කැඳවා තිබු මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වු ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ 2023 වසර තුළ ඩෙංගු රෝගීන් 88,398ක් සහ මරණ 58ක් වාර්තා වී ඇති බවයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 71ක් අධි අවදානම් කලාප ලෙස හදුනාගෙන ඇති බව ඔහු පැවසීය.

වාර්තාවන ඩෙංගු රෝගීන්ට වඩා විශාල පිරිසක් සමාජයේ සිටිය හැකි බවද ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us