බාල ඖෂධ ගෙනාවේ 4ක් විතරයි. අනිත් ඔක්කොම හොදයි - කෙහෙළිය කියයි

Published in පුවත්
Sunday, 07 January 2024 10:04

බාල ඖෂධ ආනයනය සම්බන්ධයෙන් ආන්දෝලනයක් මතුවුවත් ආනයනය කරන ලද ඖෂධ රැසක් ගුණාත්මක තත්ත්වයෙන් යුක්ත යැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබූ ඖෂධ වර්ග 407ක් අතුරින් බාල තත්ත්වයේ තිබුණේ 4 ක් පමණක් යැයි හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

කොවිඩ් වසංගත තත්ත්වය යටතේ ඖෂධ ගෙන්වීමේදී බාධක රැසක් මතුවූ බව කී ඒ ඔහු ඉන්දියාවෙන් කොවීඩ් එන්නත් ආනයනය කරමින් තිබියදී ඉන්දියාවේ වසංගතය ව්‍යාප්තවීම නිසා වෙනත් රටවලින් එන්නත් ආනයනය කිරීමට සිදුවූ බව ප්‍රකාශ කළා.

එන්නත් මිලියන 05ක් ඇණවුම් කර තිබුණු බව කී හෙතෙම, වංසගතය නිසා සියලු ඇණවුම් අවලංගු කොට විකල්ප ඇණවුම් කරා යොමු වීමට සිදුවූ බවයි පෙන්වා දුන්නේ.

ඉන්දියාවෙන් ආනයනය කළ ප්‍රමිතියෙන් තොර යැයි හඳුනා ගත් ඖෂධ ඉවත් කළ බවත් සෙසු ඖෂධ වර්ග භාවිතා කරන බවත් අමාත්‍යවරයා කීහ.

එම ඖෂධ භවිතා නොකළා නම් මෙරට විසාලාවක් වීමට ඉඩ තිබුණු බව ද ඔහු පැවසුවා.

වංසගත තත්ත්වය මෙන්ම ආර්ථික ගැටලු නිරාකරණය කර ගමිනින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකි උපරිම අයුරින් ක්‍රියාකළ බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

-P.M

Last modified on Sunday, 07 January 2024 10:05

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us