ජනාධිපති පොරොන්දු වූ පරිදි මහල් නිවාසවල 50%කට හිමිකම් ඔප්පු

Published in පුවත්
Monday, 08 January 2024 09:23

නාගරික සංවර්ධන අධිකාරිය සතු මහල් නිවාසවල පදිංචි වූවන්ගෙන් 50%කට මේ වසර අවසන් වීමට පෙර හිමිකම් ඔප්පු පිරිනැමීමට රජය තීරණය කර තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් පවසන්නේ.

නාගරික සංවර්ධන අධිකාරිය සතු මහල් නිවාසවල මේ වනවිට පුද්ගලයන් 14,542 දෙනෙකු පදිංචිව සිටින අතර ඒ අනුව පළමු අදියර යටතේ ඉන් 50%ක පිරිසකට හිමිකම් ඔප්පු ලබාදීමට නියමිතව තිබේ.

අනෙක් මහල් නිවාසවල මතුව ඇති නෛතික හා අනෙකුත් ගැටළු නිරාකරණය කර ගැනීමට යම් කාලයක් ගත වන බවද, එම ගැටලු නිරාකරණය කර ගැනීමෙන් පසුව ලබන වසරේ දී අනෙක් පිරිසට හිමිකම් ඔප්පු ලබාදීමට කටයුතු කරන ලෙස විෂය භාර ඇමැති ප්‍රසන්න රණතුංග තමන්ට උපදෙස් දී ඇති බවද නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් අවධාරණය කර තිබුණේ තට්ටු නිවාස හිමියන්ට හිමිකම් ඔප්පු ලබාදීම කඩිනම් කරන බවට ප්‍රකාශ කර තිබෙන බවද සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ වසරකට සංවර්ධන සැලසුම් 22 බැගින් ගැසට් කරන ලෙසට ඇමැති ප්‍රසන්න රණතුංග විසින් උපදෙස් දී ඇති බවයි.

මේ අතර මහල් නිවාසවල පදිංචිව සිටි මුල් අයිතිකරුවන්ගේ දරුවන් වෙත ඒවායේ සින්නක්කර අයිතිය පැවරීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ. ඒ අනුව බොරැල්ල, ඕවල් විව් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකකයන්හි මුල් අයිතිකරුවන්ගේ දරුවන්ට සින්නක්කර අයිතිය පැවරීම සඳහා අනුමැතිය ඉල්ලමින් ඇමැතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

බොරැල්ල, ඕවල් විව් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතිය මධ්‍යම අදායම් නිවාස ව්‍යාපෘතියක් ලෙස රාජ්‍ය සේවකයන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද්දක් වන අතර එය නවීන අංගෝපාංගවලින් යුක්තව මහල් 24කින් සමන්විත වේ. නිවාස ඒකක 608න් සහ වාණිජ ඒකක 5කින් මෙම නිවාස සංකීර්ණය සමන්විත වේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us