නුවර වැවේ බෝට්ටු සේවයට සීල් තැබේ

Published in පුවත්
Monday, 08 January 2024 09:42

ඓතිහාසික මහනුවර වැවේ අඩසියවසක කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ජෝයි බෝට්ටු සේවා ස්ථානයට සීල් තැබීමට මහනුවර මහ නගර සභාව පියවර ගෙන තිබේ.

බෝට්ටු සේවය පවත්වාගෙන යෑමේ තාවකාලික බදු අයිතිය පසුගිය දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වීම මත ජනවාරි මස 01 දින සිට සන්තකය මහ නගර සභාව වෙත පවරා ගන්නා බව දක්වමින් බෝට්ටු සේවා ස්ථානයේ දැන්වීමක් ද ප්‍රදර්ශනය කර ඇත.

බෝට්ටු සේවාව පවත්වාගෙන යාමට ටෙන්ඩරය ලබාගත් එරල් කෙම්ස් යන අයගේ ටෙන්ඩර් කාල සීමාව පසුගිය දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වීමෙන් පසු නව ටෙන්ඩර්කරුවෙකු වැඩි මුදලකට එය ලබාගත් බව නගර සභාව පවසයි.

බෝට්ටු සේවය වසර 55ක කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය එරල් කෙම්ස් මහතා ටෙන්ඩරය පිරිනැමීමේ දී තමන්ට අසාධාරණයක් සිදුවූ බවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙස ආණ්ඩුකාරවරයා නාගරික කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ.

අදාළ පරීක්ෂණය අවසන් වනතෙක් බෝට්ටු සේවා ස්ථානයට සීල් තැබීමට පියවර ගත් බව මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක කීය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us