නව ආයෝජන කලාප සංවර්ධනය කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණ

Published in පුවත්
Tuesday, 09 January 2024 12:53

ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ නව ආයෝජන කලාප සංවර්ධනය කිරීම සදහා කල යෝජනාවට අනුමැතිය හිමි ව ඇති බව වාර්තාවේ.

ඒ අනුව උතුරු, නැගෙනහිර, වයඹ සහ දකුණු පළාත් තුළ නව ආයෝජන කලාප ස්ථාපිත කිරීම එහි එක් යෝජනාවක් වන අතර මාන්කුලම්, පරන්තන් රසායන ද්‍රව්‍ය සමාගම් පරිශ්‍රය සහ කන්කසන්තුරේ සිමේන්තු සංස්ථා පරිශ්‍රය පිහිටි ප්‍රදේශවල නව ආයෝජන කලාප ස්ථාපිත කිරීමද එහි තවත් යෝජනාවකි.

මේ අතර ඉරණවිල සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල නව ආයෝජන කලාප ඉදිරිකිරීමට ද ජනාධිපතිවරයා විසින් මෙමගින් යෝජනා කර තිබේ.

එමෙන්ම බිංගිරිය හා හම්බන්තොට ආයෝජන කලාප තවදුරටත් පුළුල් කිරීම ද මේ හරහා සිදුකිරීමට නියමිතය.

ඒ අනුව අදාළ කැබිනට් යෝජනාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ යෝජිත ආර්ථික කලාප ඇති කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණ සහාය දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාවය පළකර ඇති බවය.

ඒ සඳහා සුදුසු රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ආකෘතියක් පදනම් කර ගනිමින් එකී ආයෝජන කලාප සංවර්ධනය කිරීම පිණිස ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස එහිදී අනුමැතිය හිමිව ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us