මියගිය රුවන්ගේ මගපෙන්වීමෙන් දිව්‍යලෝකයට යන්න ගිය 30ක් මාට්ටු

Published in පුවත්
Wednesday, 10 January 2024 10:00

දිව්‍යලෝකයට යාම පිණිස මිහිපිට ජීවිතය අත්හරින ලෙස මතවාදයක් ප්‍රචාරය කරමින් හත්දෙනකුට දිවි නසාගන්නට පෙලඹවූ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ මිසදිටු කල්ලියට සෘජුවම සම්බන්ධ වූ තිස්දෙනෙකු ගැන දැනට අනාවරණය කරගෙන ඇත.

පොලීසිය හා බුද්ධි අංශ එක්ව අරඹා ඇති විමර්ශනයකට අනුව මෙම පිරිස හඳුනාගෙන ඇති අතර එම පිරිසට ගිහියන්ට අමතරව
භික්ෂුන් කිහිප දෙනෙකුද සිටින බව හෙළි වී ඇත.

බෞද්ධ දර්ශනය යැයි හුවා දක්වමින් රුවන් ප්‍රසන්න නමැත්තා පොළොන්නරුව හා අම්බලන්ගොඩ ප්‍රදේශවල වසර දහයක් පමණ මිථ්‍යාව වපුරමින් පුද පූජා පවත්වා ඇතැයි හෙළි වී තිබේ.

දැනට ඔහුගේ ප්‍රධාන අනුගාමිකයන් ලෙස හඳුනාගත් තිස්දෙනෙකු ඔවුන් අන්තවාදී මතවලින් මුදාගැනීමේ වැඩපිළිවෙළක් අරඹා ඇතැයි ජ්‍යේෂ්ඨ නිලධාරියකු පැවසීය.

රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ පසුගියදා සියදිවි නසාගෙන මියගිය අතර ඔහුගේ අදාහනය සිදුකළ දා රාත්‍රියේ ඔහුගේ බිරිදත් දරු තිදෙනාත් සියදිවි හානි කරගෙන තිබුණි. සයනයිට් වලට සමාන විෂ කුඩක් ශරීරගත කිරීමෙන් මෙලෙස මරණයට පත් වූ බවයි වාර්තා වුයේ.

රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ බුදුදහම විකෘත්ති කරමින් දේශනා පැවැත්වූ අයෙකු බව පසු විමර්ශන වලදී හෙළිවිය..

මිට පෙර ඔහුගේ දේශනා වලට සහභාගී වූ පුද්ගලයින් කිහිපයක් දිවිහානි කරගෙන ඇති බව වාර්තා විය.

එසේම රුවන් ප්‍රසන්න ගේ දේශනා වලට සහභාගී වූ ඔහුගේ සමිපතයෙක් ,ඔහුගේ බිරිද සහ දරු තිදෙනාගේ මරණයට සහභාගී වූ අතර පසුව එදිනම හෝටල් කාමරයක් තුල සියදිවි නසාගෙන සිටියදී පොලිසිය විසින් මළසිරුර සොයා ගන්නා ලදී.

තවද ඔහුගේ දේශනා වලට සහභාගී වූ විශ්වවිද්‍යාල සිසුවියක්ද මෙම මරණ වලින් පසු සියදිවි නසා ගෙන තිබුණි.

 -P.M

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us