අයවැය පොරොන්දු සැබෑ කරමින් රජයේ නිලධාරින්ගේ වියදම් දීමනාව වැඩි කරයි

Published in පුවත්
Thursday, 11 January 2024 11:06

2024 අයවැය යෝජනා අනුව ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි රජයේ නිලධාරින්ගේ ජීවන වියදම් දීමනාව වැඩි කිරීමට අදාලව චක්‍රලේඛනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය තෙක් දැනට මසකට රාජ්‍ය සේවකයෙකු සදහා ගෙවනු ලබන රුපියල් 7,800ක ජීවන වියදම් දීමනාවට රුපියල් 5,000ක් එකතු කර රුපියල් 12,800ක් ගෙවිය යුතු වේ.

අප්‍රේල් මාසයේ සිට රුපියල් 12,800ක ජීවන වියදම් දීමනාවට රුපියල් 5,000ක් එකතු කර රුපියල් 17,800ක් ගෙවිය යුතු බව එම චක්‍රලේඛයේ සඳහන්ය.

අය වැය යෝජනාවලට අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය තෙක් වූ හිඟ ජීවන වියදම් දීමනාව 2025 වර්ෂයේ ජනවාරි මාසයේ සිට මාර්තු තෙක් මාසිකව රුපියල් 5,000 බැගින් ගෙවා අවසන් කළ යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුපෙන් මේ වසරේ අප්‍රේල් මාසයේ සිට වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් දායකත්වය ලෙස සියයට 8ක මුදලක් අය කිරීමට ද කටයුතු කරන ලෙස එම චක්‍රලේඛය මගින් දැනුම් දී තිබේ.

මේ අතර මෙම ජිවින වියදම් දීමනාව ආධුනික හා පුහුණුලාභීන් සදහා, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සදහා, අනියම් දෛනික වැටුප් ලබන සේවකයින් සදහා සහ අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්යය මණ්ඩලය සඳහා වලංගු බව සඳහන් වේ.

ඊට අමතරව 2024 අයවැය යෝජනා අනුව විශ්‍රාමිකයින් සඳහා දැනට ගෙවනු ලබන ජීවන වියදම් දීමනාව මේ වසරේ අප්‍රේල් මාසයේ සිට 2,500කින් වැඩි කළ යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයේ ඇතුළත් වේ.

ඒ අනුව විශ්‍රාමිකයින් සදහා දැනට ගෙවනු ලබන මාසික ජීවින වියදම් දීමනාව රුපියල් 3,525 සිට රුපියල් 6,025 දක්වා වැඩි කිරීමට නියමිතයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us