පාර්ලිමේන්තුව තරම් වෙළඳපොල කලබල වෙලා නැහැ, භාණ්ඩ මිල තිබුණාටත් වඩා අඩුයි - රංජිත් සියඹලාපිටිය

Published in පුවත්
Thursday, 11 January 2024 11:49

වැට් බදු වැඩිකිරීමෙන් වෙළඳපොලට බලපෑමක් සිදුව නොමැති බවත් ඇතැම් භාණ්ඩවල මිල තිබුණාටත් වඩා අඩුවී ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා තිබේ.‍

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

“පාර්ලිමේන්තුව තරම් වෙළඳපොල කලබල වෙලා නෑ මේ වැට් ප්‍රශ්නය සම්බන්ධව. අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල වෙනස්වීම කෙසේද යන්න හඳුනාගැනීම සඳහා මිල සමීක්ෂණයක් සිදු කළ අතර ඒ සඳහා අහඹු ලෙස තෝරාගත් කොළඹ 2 ප්‍රදේශයේ සිල්ලර වෙළඳසැල්, හාඩ්වෙයාර් වෙළඳසැල්, පොත් අලෙවිසැල් සහ මස් අලෙවි කරන වෙළඳසැල්වලින් සුපිරි වෙළඳසැල්වලින් මිල ලබාගන්නා ලදී. 0% සිට 18% දක්වා වැට් වැඩිවූ භාණ්ඩ – අර නිදහස තිබිලා නිදහස අහිමි කරපු භාණ්ඩ. ඔවුන් භාණ්ඩ කාණ්ඩ හතරක් අරගෙන තිබෙනවා. පොල්තෙල් ලීටරයක් දෙසැම්බර් 31 ට පෙර රුපියල් 600යි, දැනුත් රුපියල් 600 යි කියලා ඔවුන් කියනවා ඊයෙ දවසෙත්. පොල්කිරි ග්‍රෑම් 400 පැකට් එකක් කලිනුත් 310 යි, දැනුත් 310 යි කියලා ඔවුන් කියනවා. බිත්තර එකක් කලින් රු. 60 යි, දැන් රු. 51 යි ඔවුන් කියනවා. දුඹුරු සීනි කිලෝ එකක් කලින් රු. 365 යි, දැනුත් 365 යි කියලා කියනවා. ඒ වගේම 15% සිට 18% දක්වා වැඩි වූ භාණ්ඩ – ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රු. 1080 ට තමයි දෙසැම්බර් 31 වනදා වෙනකොට තිබුණේ දැනුත් 1080 යි කියනවා. ඒ වගේම සැමන් ග්‍රෑම් 425 ටින් එකක් රු. 600 ට තිබුණේ මේ වැට් බදු වැඩිවීමට පෙර, දැන් 450 යි. පිටු 120 අභ්‍යාස පොතක් කලින් තිබ්බේ 320 යි, දැන් 280 යි කියලා ඔවුන් මේ වාර්තාවේ කියනවා”

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ  (10) දින පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Last modified on Thursday, 11 January 2024 11:50

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us