සමාජමාධ්‍ය කැලඹු මිනිස්සු පෙරැළි පෙරැළි වැන්ඳ අවලෝකිතේශ්වර ගේ පැටිකිරිය එළියට ! තමන්ගේම දුවටත් අතවර කරලා . Featured

Published in පුවත්
Saturday, 13 January 2024 09:51

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් දේශන පවත්වන මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය රටින් පිටවීම ඊයේ (12) තහනම් කළේය.

ඒ අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවය.

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් පසුගියදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණි මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා අනුගාමිකයින්ගේ වැඳුම් පිඳුම් ලබන අයුරු සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය විය.

ඔහු කැලණිය රජමහා විහාරයට සුඛෝපභෝගි මෝටර් රථයකින් පැමිණිමෙන් පසු සිල්මාතාවක් ඇතුළු පිරිසක් ඔහුට වැදුම් සිදුකරන අයුරු ද ඊට ඇතුළත් විය.

මොහු පිළිබඳ පරික්ෂණයක් ආරම්භ කරන්නැයි ඉල්ලා බොද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

ඒ් අනුව, ඒ සම්බන්ධයෙන් විමර්ශන කළ එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනවල ප්‍රගතිය ඊයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

එහි දී විමර්ශන නිලධාරින් වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය,

" ස්වාමිනි, ඊජිප්තුවේ වසර 12කට වැඩි කාලයක් රැඳී සිට ඇති අවලෝකිතේශ්වර නාමයෙන් හඳුන්වන මෙම තැනැත්තාගේ සැබෑ නම මහින්ද කොඩිතුවක්කු. මොහු ඉකුත් ජනවාරි 01 වැනිදා දිවයිනට පැමිණ පළමුව කැලණිය රජමහා විහාරයට ගොස් තිබුණා. දැන් තැනින් තැන නිවාසවලට යමින් දේශන පවත්වනවා. මොහුගේ ක්‍රියාකලාපය ගැන පරීක්ෂණයක් කරන්නැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පාර්ශ්ව 04ක් පැමිණිලි කර තිබෙනවා. ඒ මතයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළේ."

"ස්වාමිනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බුදුදහමට ප්‍රමුඛස්ථානය දීලා තියෙන වටපිටාවකයි ජෙරම් සහ මෙවැනි අය බුදුදහමට පහර ගහන්නේ. මොහු පවත්වාගෙන යන YOUTUBE නාලිකාවේ දේශනවල තියෙන්නේ ශරීරයට ගිනි තියාගෙන බුදුන්ට පූජා කරන්න කියලා. ඒක හරියට අර පසුගිය දිනවල රුවන් ප්‍රසංග නැමැත්තෙක් සයිනයිඩ් කා සියදිවි නසාගන්න කියා දේශන පැවැත්වුවාට සමානයි. මොවුන් සේරම මානසික රෝගින්. ඒ වගේම ස්වාමිනි මොහුගෙන් නීතිපතිවරයාට පවා පරිස්සම් වෙන්න වෙනවා. මොකද මොහු කියනවා නඩුහබ තියනවානම් අරගෙන එන්න විසඳනවා කියලා. මොහු හිතාගෙන ඉන්නේ තෙවැනි විනිසුරුවෙක් කියලා. මෙම තැනැත්තා බුද්ධ චරිතය තුළ විශේෂ තැනක් හිමි යශෝධරා දේවියට "ඒ ගෑනිගේ කාලකණ්ණිකම" යනුවෙන් පවසා තිබෙනවා. යශෝධරා දේවියට මන්ද මානසිකයෙක් කියලාත් කියලා තියෙනවා. කොහොමද ස්වාමිනි මේ වගේ මන්ද මානසිකයෙක් තවත් කෙනෙක්ට මන්ද මානසිකයෙක් කියන්නේ"

අවලෝකිතේෂ්වර නැමැති මෙම නැතැත්තාට ආධාර අනුබල සපයන්නන් සම්බන්ධයෙන්ද දිලීප පිරිස් කරුණු අනාවරණය කළේය.

" ස්වාමිනි මොහු තනිකරම රංගන ශිල්පියෙක්. ගමන් කරන්නෙ ලිමොසින් වර්ගයේ මෝටර් රථයක. කැලණිය රජමහා විහාරයේ මොහු එතැන සිටි පිරිසට හඳුන්වාදෙන්නේ බඩල්කුඹුර පොලීසියේ පුන්‍යසිරි නැමැති සාජන්වරයෙක්. එතැන සිටි සිල්මෑණි කෙනෙක් කියනවා රුපියල් 10,000ක් දීලයි ගෙන්වාගත්තේ කියලා. එබැවින් ස්වාමිනි මොහුගේ යට ඉන්නේ කවුද කියලා විමර්ශනය කළ යුතුයි. මොහු සිය දේශනයක කියනවා තමන්ගේම දුවට අතවර කරලා අභිනිෂ්ක්‍රමණය වුණා කියලා. එයම ඇති ස්වාමිනි ළමා අපයෝජන චෝදනාව යටතේ මොහු අත්අඩංගුවට ගන්න."

ඒ අනුව මෙම පුද්ගලයාට විදෙස්ගමන් තහනමක් පනවන ලෙසත්, ඔහුගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට අවසර දෙන ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මහෙස්ත්‍රාත්වරයාගෙන් අවසර ඉල්ලා තිබුණි.

ඊට අවසර දුන් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේ, ලබන 17 වනදා විමර්ශන ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙසයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us