ඇමතිගෙන් ප්‍රතිචාර නැහැ.ඒ නිසා හෙටත් වර්ජනයක් ! දොස්තරලට දීපු රු. 35000 අපිටත් ඕන -සෞඛ්‍ය වෘත්තීය සමිති

Published in පුවත්
Monday, 15 January 2024 08:56

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් හෙට (16) පෙරවරු 6.30 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.

වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ පැවසුවේ, තම ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා කිසිදු සාකච්ඡාවක් ලබා දී නොමැති බවය.

"අද වනතුරු මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා, මේ වෘත්තීන් කිසිවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වලා නෑ. ඒ නිසා පරිපුරක වෛද්‍ය සේවාව, අතුරු වෛද්‍ය සේවාව, රෝහල් ලේකම්වරුන් සහ පරිපාලන නිලධාරින් ඒ වගේම සෞඛ්‍ය පරිපාලන සහකාරවරු සහ විශේෂයෙන් සෞඛ්‍ය කාර්ය සහයක සහ අනෙකුත් කාර්ය මණ්ඩලයේ වෘත්තීය සංගම් 72ක් එකතුවෙලා ලක්ෂයකට ආසන්න සමාජිකයින් සංඛ්‍යාවක් නියෝජනය කරමින් අපි තීරණය කලා සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන්න පැය 24ක.මේකෙන් රෝහල් සේවය සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. රජය තේරුම් ගත යුතුයි වෛද්‍යවරුන් සමග පමණක් වෛද්‍ය සේවාව පවතවාගෙන යා නොහැකි බව. "

වර්ජනය මැඩපැවැත්වීම සඳහා හමුදා බලය යොදවන්නේ නම් වර්ජන ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයාමට සිදුවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් ප්‍රකාශ කළේය.

-P.M

Last modified on Monday, 15 January 2024 10:08

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us