වෛද්‍යවරුන්ට දුන් රු35,000 තමන්ටත් ඉල්ලා වෘත්තීය සමිති 72ක් අදත් වර්ජනයක

Published in පුවත්
Tuesday, 16 January 2024 08:37

වෛද්‍යවරුන් දුන් රු35,000ක දීමනාව තමන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එක්ව අද (16) උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ කැඳවුම්කරු රවී කුමදේශ් සඳහන් කළේ, එම වැඩ වර්ජනය හෙට (17) පෙරවරු 8.00 දක්වා ක්‍රියාත්මක වන බවයි.

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණසිටීමේ හා ප්‍රවාහන දීමනාව හෙවත් ඩැට් දීමනාව රුපියල් 35,000 කින් වැඩි කරන බව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා පසුගිය දා කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබුණි.

සෙසු සෞඛ්‍ය වෘත්තීය සමිති පවසන්නේ, වෛද්‍යවරුන්ට පමණක් විශේෂයෙන් දීමනා වැඩි කිරීම සාධාරණ නොවන බවයි. ඊට විරෝධය පළ කරමින් ඔවුන් මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත.

මේ සඳහා රසායනාගාර ශිල්පීන්, විකීරණ විද්‍යා තාක්ෂණවේදීන්, ඖෂධවේදීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, ඖෂධ සංයෝජකයින්, කීට විද්‍යා නිලධාරීන් ඇතුළු සෞඛ්‍යය වෘත්තීය සමිති 72 ක සාමාජිකයින් එක්ව සිටිනු ඇත.

කෙසේ වෙතත් මාතෘ සායන, ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැත.

මේ ප්‍රශ්නය ඉදිරියේදී වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවේ ය.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලීම පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡා කරන බවත් වෘත්තීය සමිති සාකච්ඡාවක් ඉල්ලා නොමැති බවත් වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේ ය.

මේ අතර සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අද වර්ජනයකට නොයා තවදුරටත් විසඳුමක් ලබාදීම සඳහා රජයට කල් ලබාදී තිබේ.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුවේ, මෙම ගැටලුවට විසඳුමක් ලබාදීම සඳහා අද බලධාරීන්ට අවස්ථාව ලබාදෙන බවයි.

-P.M

Last modified on Tuesday, 16 January 2024 09:45

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us