අදත් මීදුමෙන් වැසේ . නුවරඑළියටත් මල් තුහින

Published in පුවත්
Tuesday, 16 January 2024 09:42

දිවයිනේ ප්‍රධාන වශයෙන් අද (16) වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවය.

හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර නැඟෙනහිර පළාතට පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවෙන් හානියට පත් අම්පාර – ගල්කන්ද මාර්ගය නිරීක්ෂණය කිරීමට අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. වීරසිංහගේ ඉල්ලීමකට අනුව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊයේ (15) පෙරවරුවේ එක්විය.

අධික වර්ෂාව හේතුවෙන් ජයන්ති වැව පිටාර ගැලීම නිසා ජයන්ති ඇළ කිවුලේගම ප්‍රදේශයෙන් අම්පාර – ගල්කන්ද මාර්ගය හරහා ගලා යෑම නිසා මාර්ගය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇත.

මේ මාර්ගයට සිදුව ඇති විනාශය සියැසින් දැක බලාගත් ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

එමෙන්ම ජල ගැලීම නිසා ප්‍රදේශයේ ජනතාවට ඇතිවී ඇති හානිය පිළිබඳව අවධානය යොමු කළ ඇමැතිවරයා ඔවුන්ගේ ගම්බිම් නැවත යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ සම්පත් ලබා දෙන ලෙසද මාර්ග සංවර්ධන අධිකාරියේ නැඟෙනහිර පළාත් අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් ලබා දෙන ලදි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us