පාසැල් ආරම්භය කල් යයි

Published in පුවත්
Wednesday, 17 January 2024 09:52

2023 තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ලබන 05 වැනි දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ, උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය ලබන 01 වැනි දා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කිරීමත් සමගයි.

2023 තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ලබන 01 වැනි දා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර තීරණය කළේ ය.

උසස් පෙළ කෘෂි විද්‍යාව 1 සහ 2 කොටස් ද්විත්වයම නැවත පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව ඊයේ තීරණය කළේ, එහි ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටවී ඇති බවට අනාවරණය වීම හේතුවෙනි.

ඒ අනුව උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස පෙබරවාරි 01 වන බ්‍රහස්පතින්දා උදෑසන 08.30 සිට 11.40 දක්වා පැවැත්වීමට නියමිතයි.

පළමු කොටස පෙබරවාරි 01 වැනි දාම පස්වරු 01.00 සිට 3.00 දක්වා පැවැත්වෙනු ඇති.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us