ගාස්තු නොගෙවීමෙන් 80,970ක් පාරිභෝගිකයින්ගේ ජල සැපයුම විසන්ධි කරයි

Published in පුවත්
Thursday, 18 January 2024 09:45

ගාස්තු නොගෙවීම් හේතුවෙන් ජල පාරිභෝගිකයින් 80,970 දෙනෙකුගේ පසුගිය වසර තුළ ජල සැපයුම විසන්ධි කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අතර ගෘහස්ත පාරිභෝගිකයින් 63,150 දෙනෙකු සිටින අතර ගෘහස්ථ නොවන පාරිභෝගිකයින් සංඛ්‍යාව 17,820ක් බව වාර්තා වේ.

ජල සැපයුම් විසන්ධි කළ පාරිභෝගිකයින්ගෙන් රුපියල් මිලියන 1,909ක් ජලාපවහන මණ්ඩලයට අයකරගත යුතුව පවතී.

එමෙන්ම ජල ගාස්තු නොගෙවීම හේතුවෙන් රුපියල් මිලියන 6,118ක් මණ්ඩලයට අය කරගත යුතුව පවතින බව ද සඳහන්ය.

ඒ අතර රෝහල් මඟින් රුපියල් මිලියන 182ක් ද පාසල් මඟින් රුපියල් මිලියන 175ක් ද හමුදාව සහ පොලීසිය මඟින් රුපියල් මිලියන 116ක් ද ඇතුළුව ජල සම්පාදන මණ්ඩලය හිඟ වාරික අය කරගත යුතුව පවතී.

මේ අතර ජල සම්බන්ධතා විසන්ධි කර ඇති පාරිභෝගිකයින් හට ගෙවිය යුතු මුදලින් සියයට 25ක මුදලක් ගෙවා යළි සබඳතාව ලබාගෙන ඉදිරි ගෙවීම් කටයුතු සිදුකරගෙන යා හැකි බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us