ජවිපෙ නායක අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බඩල්කුඹුර නගරයේදී පැවැත්වීමට නියමිතව තිබු ජන හමුවක් සඳහා වේදිකාව සරසමින් සිටි ජවිපෙ සාමාජිකයින් හට බඩල්කුඹුර ප්‍රාදේශීය සභාවේ උප සභාපති සමග පැමිණි මැර පිරිසක් පහරදීමක් සිදු කර ඇති බව එම පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පැවසිය.
අද (26) අළුයම 1.00ට පමණ මෙම පහර දීම සිදු වී තිබේ.
පොළු මුගුරු රැගෙන පැමිණ ඇති මැර පිරිස් ජවිපෙ සාමාජිකයින් හට අමානුෂික ලෙස පහර දී දේපළවලට අලාභ හානි සිදු කර තිබේ.
මේ පිළිබඳ පොලීසියට පැමිණිලි කර බොහෝ වේලාවකට පසුව පොලීසිය පැමිණියද පොලීසිය එම ස්ථානයේ රැඳී සිටියදීම මැර පිරිස් විසින් වෙඩි තැබීමක්ද සිදු කර තිබේ. සිදුවීමෙන් ජවිපෙ සාමාජිකයින් හට බරපතළ ලෙස තුවාල සිදු වී තිබේ.
මොනරාගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ආර්. එම්. ජයවර්ධන මහතාගේ නිවසද පිහිටා ඇත්තේ බඩල්කුඹුර නගරය ආසන්නයේ වන අතර එම අවස්ථාවේ ඔහුද එම ස්ථානයේ සිට ඇත.
බඩල්කුඹුර නගරයේ අද පැවැත්වීමට නියමිත ජන හමුවක් වෙනුවෙන් වේදිකාව සරසමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් පිරිසකට අද අළුයම මැර ප‍්‍රහාරයක් එල්ල වී ඇත. පොලූ මුඟුරු රැගෙන පැමිණි පිරිසක් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
Leave a comment
Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...