ගාල්ල කරාපිටිය රෝහලේ ඇති වූ ගැටුමකින් විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට

Published in පුවත්
Thursday, 18 January 2024 11:05

කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් දෙදෙනෙකුට පහරදුන් බවට චෝදනා එල්ල වූ කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.

පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෙද්‍යවරයාව මෙලෙස ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා පොලිස් ආරක්ෂාව යටතේ පෞද්ගලික රෝහලක නතරව සිටින බව වාර්තා වේ.

පෙරේදා (16) පැවැත් වූ වැඩ වර්ජනයට පිළිකා වාට්ටුවේ සේවකයින් එක් නොවන බව පවසා සිටියත් ඔවුන් වැඩ වර්ජනයට එක්වීම සම්බන්ධයෙන් වෛද්‍යවරයා සහ සේවක පිරිස අතර ඇතිවු ආරවුලක් හේතුවෙන් මෙසේ පහර දී තිබුණි.

කෙසේ වෙතත් අද(18) අලුයම 3.00සිට කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ විස්සක පමණ පිරිසක් සේවයෙන් ඉවත්ව රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරතවන බව වාර්තා වේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us