X-Press Pearl ට එරෙහිව ශ්‍රීලංකාව විසින් බ්‍රිතාන්‍ය මහාධිකරණයට විරෝධතා ගොනුවක්

Published in පුවත්
Friday, 19 January 2024 08:16

X-Press Pearl නෞකාව ගිනි ගෙන මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනීමට පනවා ඇති සීමාවලට එරෙහිව බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණය හමුවේ ලබන 29 වැනිදා විරෝධතා ගොනු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මීට පෙර එම අධිකරණය නෞකාව අයත් සමාගමෙන් ලබා ගත හැකි වන්දිය ස්ටාර්ලිං පවුම් මිලියන 19.5 කට සීමා කර තිබූ බවයි.

ඒ තුළින් නෞකාව මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට ප්‍රමාණවත් වන්දියක් අයකර ගැනීමට සීමා පැනවිණ.

මේ අතර, සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ මහධිකරණය හමුවේ නෞකා සමාගමෙන් වන්දි අයකර ගැනීම සඳහා පනවා ඇති නඩුවට අදාළව සවිස්තරාත්මක ප්‍රකාශයක් ලබන 27 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි විමසීම සිදු කෙරෙනු ඇති.

පළමු සාක්ෂිකරු ලෙස හර්බර් මාස්ටර්වරයා ඉදිරිපත් කරන බවද නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us