සජිත් IMF නියෝජිතයින් හමුවේ ආණ්ඩුවට දෙහිකපයි

Published in පුවත්
Friday, 19 January 2024 08:40

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් සිදුවී තිබේ.

විපක්ෂනායක කාර්යාලයේ පැවැති අදාළ හමුව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් එහි ජ්‍යේෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් ඇතුළු පිරිසක් එක්වී සිටි බව වාර්තා වෙයි.

වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග යැයි පවසමින් ජනතාවට විශාල බදු බරක් ලබා දෙමින් වැට් බදු ඇතුළු බදු වර්ග රැසක් අධික ලෙස වැඩිකර ඇති බව එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වාදී තිබේ.

මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාව, ගර්භණී කාන්තාවන්, දරුවන්, මධ්‍යම පාන්තිකයන්, රාජ්‍ය සේවකයන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට අයත් පුද්ගලයන් අසරණ වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තවදුරටත් පෙන්වාදී ඇත.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ පවත්වා තිබුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් පීටර් බෲවර් මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් අදාළ සාකච්ඡාව සඳහා එක්වී සිට ඇති බවද වාර්තා විය.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසුරිය, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී තිබේ.

පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුලේ (IMF) නියෝජිත පිරිස සහ මෙරට බලධාරීන් අතර නිල සාකච්ඡා පැවැත්වුණි .

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරගැනීමට අදාළව එහිදී සාකච්ඡා පැවැත්විය.

කෙසේවෙතත් ජ්‍යේෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර්ඇතුළු IMFනියෝජිතයින් පසුගියදා ජනාධිපතිවරයා හමූ වූ අවස්ථාවේදී ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය පිළිබඳ සිය ප්‍රසාදය පළ කර සිටියේය.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us