ජෝර්දානයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ගැටලු සඳහා කඩිනම් විසඳුම්

Published in පුවත්
Saturday, 20 January 2024 11:00

ජෝර්දානයේ ඇඟලුම් කර්මාන්ත ශාලා 2ක් වසා දැමීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට ජොර්දාන කම්කරු අමාත්‍යාංශයේ අවදානය යොමුවී තිබේ.

ජෝර්දාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් පසුගියදා එරට කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් හමුවී මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡා කළ බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.

එහිදී වීසා කාලය ඉක්මවා රැදී සිටින ශ්‍රමිකයින්ව දඩ මුදල් අය කිරීමකින් තොරව පිටත් කර එවීමට ජොර්දාන කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් එකඟතාව පලකර තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ, ඒ සඳහා ගුවන් ටිකට්පත් ලබාදීමටත් සමාජ ආරක්ෂණ දායක මුදල් පිටත්ව එන දින ලබාදීමටත් වාචික එකඟතාවය පළකර ඇති බවයි.

එසේම හිඟ වැටුප් හා දීමනා ලබාදීම සඳහා කම්කරු හා වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳ විශේෂඥ දැනුමෙන් යුතු නීතීඥ සහය ලබාගැනීමටත් , සමාජ ආරක්ෂණ දායක මුදල් පසුගිය මස පළමුවැනිදා ලබාදීමටත් ජෝර්දාන කම්කරු අමාත්‍යාංශයේ අවදානය යොමුවී තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ සාකච්ඡාවේදී එළැඹි තීරණ සම්බන්ධයෙන් එම ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දැනුම්ද දුන් බවයි.

ඒ අනුව අදාල ශ්‍රමිකයින් අතරින් වෙනත් රැකියා ස්ථානවලට යාමට අපේක්ෂා කරන්නන් ඊට යොමුකිරීමටත්, දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන ශ්‍රමිකයින් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමටත් පියවර ගනිමින් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us