සෞඛ්‍යයට AI නැතුව බැහැ- මහාචාර්ය ඉන්දික කරුණාතිලක

Published in පුවත්
Monday, 22 January 2024 11:27

සෞඛ්‍ය කේෂ්ත්‍රයේ කටයුතු සඳහා කෘතිම බුද්ධිය භාවිත කිරීමේ අවශ්‍යතාව මතුව ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක  පවසා තිබේ.

ඒ අනුව හෙතෙම පෙන්වා දෙන්නේ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා කෘතිම බුද්ධිය භාවිත කිරීම උපකාරී වන බවය.

කෘතිම බුද්ධිය මෙරට සෞඛ්‍ය සේවා හා ඒ ආශ්‍රිත සේවා තුළ භාවිතය සඳහා හඳුන්වාදීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවද මහාචාර්ය ඉන්දික කරුණාතිලක සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ

"කෘතිම බුද්ධිය කියන එක දැන් යථාර්ථයක් වෙලා ඉවරයි. එය නොසලකා හරින්න හැකියාවක් නෑ. ඒ වගේම සෞඛ්‍ය කේෂ්ත්‍රයට හා වෛද්‍ය අධ්‍යාපනයට කෘතීම බුද්ධියෙන් ඉතාමත් ප්‍රයෝජන තියෙනවා. එය නොසලකා හරින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේම වෛද්‍ය විද්‍යාවේ ගුණාත්මකභාවය වැඩිකරන්න සත්කාරක සේවාවල කාර්යක්ෂමතාවය හා ගුණාත්මකභාවය වැඩිකරන්න දැනට තොරතුරු තාක්ෂණයේ දියුණුවත් එක්ක තොරතුරු ප්‍රමාණය ඉතාමත් වේගයෙන්ම වැඩිවෙලා. ඒ නිසා තනි පුද්ගලයෙකුට ලෝකයේ තොරතුරු සියල්ල ගැන දැනුමක් ලබාගන්න අපහසුයි. ඒ වගේ අවස්ථාවක කෘතිම බුද්ධියෙන් විශාල ප්‍රයෝජනයක් ලබාගන්න පුළුවන්. සෞඛ්‍ය සේවකයින් කියන්නේ ජීවිත කාලය පුරාම ඉගෙන ගන්න අයට. එවැනි තත්ත්වයකිදී කෘතිම බුද්ධියෙන් ලැබෙන ප්‍රයෝජනය අතිශය විශාලයි. රොබෝ තාක්ෂණයෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට. දුර පළාත්වල රෝගීන්ට ප්‍රතිකාර කිරීමට කෘතිම බුද්ධිය යටතේ සේවා සැපයීමට පුළුවන්. ඒවා ඉදිරියේ දී සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා." යනුවෙනි.

Last modified on Monday, 22 January 2024 11:50

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us