රසකැවිලි රට පටවන්න රජයේ අනුග්‍රහය

Published in පුවත්
Thursday, 25 January 2024 14:09

රසකැවිලි කර්මාන්තය ප්‍රමුඛ අපනයන ක්ෂේත්‍රයක් බවට පත් කිරීම සදහා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අවධාරණය කර තිබේ.

ඊයේ දින (24) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ 30 වන මහා සභා රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කලේය.

ඒ අනුව කොකෝවා ඇතුළු බෝග වගා කිරීමට රජයට අයත් වතු බදු පදනම මත ලබා දීමට රජය සැලසුම් කර තිබෙන බවත් හලාවත සහ කුරුණෑගල වතුයායට අයත් සියලු ඉඩම් මෙන්ම ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ඇල්කඩුව ඇතුළු අනෙකුත් ඉඩම් ද මේ සඳහා යොදා ගැනීමට අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුහ.

තවමත් භාවිතයට ගෙන නොමැති මහවැලි ඒ සහ බී කලාපවල වගාවන් ප්‍රවර්ධනය කිරීම තුළින් මෙරට ආහාර සුරක්ෂිතතාව ඇති කරගත හැකි බවද ජනාධිපතිවරයා පවසා තිබේ

එසේම රට තුළ තරගකාරී අපනයන ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් ජාතික ඵලදායීතා කොමිසම ස්ථාපිත කරන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අනෙකුත් රටවල් සමග පවතින නිදහස් වෙළෙද ගිවිසුම් සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම් ශක්තිමත් කර ගැනීමට රජය පියවර ගනිමින් සිටින බවද පැවසුවේය.

එසේම තේ පර්යේෂණ ආයතනය, පොල් පර්යේෂණ ආයතනය ඇතුළු ක්ෂේත්‍ර නවීකරණය කිරීමට පියවර ගෙන තිබෙන බවත් පර්යේෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියන 08ක පමණ මුදලක් වෙන් කර තිබෙන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us