VIP සේවා වලින් ඉවත්වීමේ තීරණය පස්සට දමයි.

Published in පුවත්
Friday, 26 January 2024 11:15

ප්‍රභූ ගිලන්රථ සේවා සහ ජංගම සෞඛ්‍ය කඳවුරුවලට නොපැමිණීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අද දින (26) ආරම්භ කිරීමට සුදානම් කළ ද ඉන් කොන්දේසි සහිතව ඉවත් වන බව ප්‍රකාශ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය (GMOA) තීරණය කර තිබෙන බව දැනගැනීමට තිබේ.

මෙම ජනවාරී මාසයේ සිට DAT දීමනාව ලබා දීමට රජය එකඟව සිටියද ඒ තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබිණි. මේ තත්වයන් මත වෛද්‍යවරුන් යළි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණය වීමේ අවදානමක් මතුව තිබිණි.

එසේම සෙසු සෞඛ්‍ය වෘත්තීය සමිති වැටුප් වර්ධකය ලබා නොදීමට එරෙහිව දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කළ ද පසුව ජනාධිපතිවරයා ඇතුළු අදාළ බලධාරීන්ගේ මැදිහත්වීමෙන් එම තත්වය පහව ගොස් ඇත.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ අත්තනෝමතික හැසිරීම පරාජයට පත් කරමින් වෛද්‍යවරුන්ට ලැබිය යුතු සාධාරණය ඉටු කිරීමට මැදිහත් වූ ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ට GMOA මහා කමිටුව විසින් කෘතඥතාවය පළ කරයි.

Last modified on Friday, 26 January 2024 11:20

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us