අමාත්‍යාංශය තුනකින් ගෙවතු වගා වැඩසටහනක්

Published in පුවත්
Friday, 26 January 2024 12:39

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ගෙවතු වගා වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් , පැවසුවේ එළවළු මිල ඉහළ යාම හා වගා පාලු වීමට විසඳුමක් ලෙස මෙය යෝජනා වී ඇති බවත් ඒ සදහා මේ දිනවල බීජ පැකට් බෙදා හැරීම සිදු කරනු ඇතිබවත්ය.

ඒ ඒ පළාත්වලට ගැලපෙන එළවළු වගා කිරීම සිදු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ අතර තෙත් කලාපයේ වගා නොකරන කුඹුරු ඉඩම්වල අනෙකුත් බෝග වගා කිරීමට දීමට තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් ජනතාව දැනුවත් කරනු ඇති.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා පැවසුවේ, ඉදිරියේදී ඒ සඳහා පූර්ව අවසරයක් ලබා දෙන බවයි.

දිවයිනේ මේ වනවිට පවතින වගා නොකරන කුඹුරු ඉඩම් හෙක්ටයාර් 84,000 ක් පවතිනු ඇත.

තෙත් කලාපයේ කුඹුරු බොහෝ ප්‍රමාණයක් අනාර්ථික බවත් ලේකම්වරයා පැවසීය.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us