ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පෙබරවාරි 03 දා අත්සන් කිරීමට සැරසෙයි

Published in පුවත්
Friday, 26 January 2024 16:39

ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පෙබරවාරි තුන් වැනිදා අත්සන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය. 

එමෙන්ම ජනාධිපතිවරයා පවසා සිටියේ තරගකාරී වෙළෙඳපොළක් සමග අපනයන වැඩි කර විදේශ විනිමය ඉහල නංවා ගැනීමට කටයුතු කළ යුතු බවය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව කීවෙි කොළඹ රේගු මූලස්ථානයේ අද (26) පැවති ජාත්‍යන්තර රේගු දින සැමරුම් උත්සවය අමතමිනි.

අග්නිදිග ආසියා ජාතීන්ගේ සංගමයේ විශාලතම ආර්ථිකයක් සහ විශාලතම බාහිර ආයෝජක රාජ්‍යයක් වන තායිලන්තය සමඟ නිදහස් වෙළෙඳ  ගිවිසුමකට එළඹීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීම පිණිස 2018/1/16 දින පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබිණ.

ශ්‍රී ලංකා තායිලන්ත දෙපාර්ශවය අතර පැවති සාකච්ඡා වට නවයකට පසු සකස් කරනු ලැබ ඇති වෙළඳාම සහ ආයෝජන දියුණු කිරීම, දේශීය නීති සහ රෙගුලාසි සඳහා අනුකූලතාව සහ දැනුම් හුවමාරු කිරීම ඇතුළත් වෙළෙඳ  ගිවිසුම් කෙටුම්පත සඳහා නීතිපති අවසරය සහ විදේශ අමාත්‍යාංශය එකඟතාවය ලැබී ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us