රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක් යටතේ රජයක් බලයට පත්විමෙන් පසු  අඩුම මිලට පොහොර ලබාදෙන පළමු අවස්ථාව මෙයයි - මහින්ද අමරවීර

Published in පුවත්
Monday, 29 January 2024 17:46

තේ පොහොර සහන මිලට ලබා දීම සඳහා  ත්‍රෛපාර්ශවික ගිවිසුමට කෘෂිකර්ම අමාත්‍යංශයේදී අද (29) අත්සන් තැබිණි.

අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම්ගතවීම සිදු වූ අතර කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම සමඟ ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් එහි සභාපතිවරු ගිවිසුමට අත්සන් තැබූහ.

අදාල ගිවිසුමට අත්සන් තැබීම කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදු කළ අතර ඒ සදහා සීමාසහිත ලංකා පොහොර සමාගම කොළඹ කමර්ෂල් පොහොර සමාගම,  ශ්‍රී ලංකා තේ මණ්ඩලය ,  ශ්‍රී ලංකා කුඩා තේවතු සංවර්ධන අධිකාරිය මෙලෙස ගිවිසුම්ගත වූහ

ජනාධිපති  රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක් යටතේ රජයක් බලයට පත්විමෙන් පසු  අඩුම මිලට පොහොර ලබාදෙන පළමු අවස්ථාව මෙය බව අමාත්‍ය මහින්ද අරමරවීර ප්‍රකාශ කලේය.

සහන මිලට තේ පොහොර ලබා දීමේ ව්‍යාපෘතිය යටතේ ත්‍රෛයිපාර්ශ්වීය ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

ඒ අනුව රජයට අයත් ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් තේ වගාව සඳහා නිෂ්පාදනය කරන සුවිශේෂ පොහොර වර්ග පහක මිල ගණන් රුපියල් 2000කින් අඩු කර කුඩා හා මධ්‍යම පරිමාණ තේ වගාකරුවන්ට ලබා දීමට කටයුතු යොදා ඇත.

නිල වශයෙන් තේ මණ්ඩලයට සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට තේ පොහොර බාරදීම ද අමාත්‍යවරයා අතින් සිදු විය. එම අවස්ථාවන්ට අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us