2023 සමස්ත අපනයන ආදායම ඩො. බි 14.94 ක්, ඒත් මදි.  

Published in පුවත්
Tuesday, 30 January 2024 09:27

ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය (ඇ.ඩො. බිලියන 11.85) සහ ඇස්තමේන්තුගත සේවා අපනයන (ඇමරිකානු ඩොලර් බිලියන 3.08) ඇතුළුව 2023 වසරේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 14.94 දක්වා ළඟා විය. එය

2022 වසරේ වාර්තා වූ අගය අගය (ඇ.ඩො. බිලියන 14.99) හා සසඳන විට 0.39%ක පහත වැටීමක් පෙන්වන අතර සේවා අපනයනවල ඇස්තමේන්තුගත වර්ධනය 63% ක් වේ.

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව 2022 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 2023 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය ඇමෙරිකානු ඩොලර් මිලියන 947.5 දක්වා, 11.25% කින් අඩුවී ඇත. එසේම, එය 2023 නොවැම්බර් මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව 5.16% ක අඩුවීමකි.

කෙසේ වෙතත්, 2023 දෙසැම්බර් මාසයේ දී ඇඟලුම් සහ රෙදිපිළි අපනයනය වසරේ ඉහළම අගය වාර්තා කරමින් සාධනීය ලකුණක් පෙන්වීය.

2023 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලසීමාව සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 3,080.9 ක් වූ අතර එය 2022 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට වඩා 63.1% කින් වැඩි විය. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තු කර ඇති සේවා අපනයන තොරතුරු තාක්ෂණය/ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (ICT/BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා, ප්‍රවාහන සහ සැපයුම්වලින් සමන්විත වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us