ආණ්ඩුව පන්නන්න ආපු සජිත්, ජනපතිගෙන් මැතිවරණයක් ඉල්ලා පසු බහියි. Featured

Published in පුවත්
Wednesday, 31 January 2024 00:44

රනිල් - රාජපක්‍ෂ දුර්දාන්ත ආණ්ඩුව කඳුඵ ගෑස් සහ ජල ප්‍රහාරවලින් සැළකුව ද සමඟි ජනබලවේගය ඔවුන්ට ඡන්දයෙන් පාඩමක් උගන්වන බවත් මැතිවරණයක් පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ පස්වරුවේ පැවසීය.

ආණ්ඩුවට විරෝධය දක්වමින් සමඟ ජන බලවේගය කොළඹදී ඊයේ (30) පැවැත්වූ විරෝධතාවට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව පාක්‍ෂිකයන් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා එසේ පැවසීය.

රාජ්‍ය ත්‍රස්තවාදයෙන් සහ රාජ්‍ය භිෂණයෙන් ජනතාව තලා පෙළා තිබෙන වර්තමාන ආණ්ඩුව මූනිස්සන්වලින්, කඩුවෙන් හෝ බෝම්බයෙන් නොව ජන බලයෙන් සහ ජන ශක්තියෙන් මැතිවරණයකදී ගෙදර යවන බව කී ප්‍රේමදාස මහතා 2022 වසරේ රට විනාශ කළ ගෝඨාභය රාජපක්‍ෂ ඉවත්කර ප්‍රජාත්‍රවාදයේ මහා විප්ලවාදියා යැයි කියාගන්නා රනිල් ඇතුළු ආණ්ඩුවට වැඩි කලක් පාලනයේ සිටීමට අවස්ථාව නොදෙන බව ද සඳහන් කළේය.

මෙම විරෝධතාව ආණ්ඩුව ගෙදර යැවීමේ ආරම්භයක් පමණක් බවත් කී සජිත් ප්‍රේමදාස මහතා හැකි ඉක්මණින් මැතිවරණයක් දෙන ලෙස රාජපක්‍ෂලාගේ රූකඩ ජනාධිපතිවරයාට බල කරන බව ද සදඟන් කළේය.

කෙසේ නමුත් මෙම උද්ඝොෂණය සඳහා 50,000 ක පාක්ෂිකයන් පිරිසක් සහභාගිකරවා ගැනීම සජබයේ අපේක්ෂාව වුවද පන්දහසකවත් පිරිසක් නොසිටි බව වාර්ථා වේ. එමෙන්ම අඩු පිරිසක් සහභාගී වුවහොත් පොලිසිය සමඟ ගැටුමක් ඇති කරගෙන සඳහා වැඩි මාධ්‍ය අවධානයක් ලබා ගැනීමට පූර්ව සැලසුමක් තිබුණ බව වාර්ථා වී තිබු අතර ඒ එලෙස සිදු කරගැනීමට සජබය සමත්ව තිබිණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us