ගෝඨාගේ දකුණු අත දැන් සජිත් ගාව..උපදේශකයත් සජිත් ගාව

Published in පුවත්
Wednesday, 31 January 2024 11:53

හිටපු ජනාධිපතිගේ ඉතාම කිට්ටුවන්තයෙකු මෙන්ම හිටපු හමුදාපති සහ වරාය අධිකාරියේ හිටපු සභාපති වන දයා රත්නායක තමන්ගේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශකයෙකු කරගත් සජබ නායක සජිත් ප්‍රේමදාසට දැන් කිසිදු හිරිකිතයකින් තොරව ගෝඨාභය වුවද සජබයට එකතුර ගැනීමට පුළුවන් බව ෆීල්ඩ් මර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (30) කොළඹදී පැවති සජබ විරෝධතාවයට එක් වෙමින් යූටියුබ් නාලිකාවකට ප්‍රකාශයක් ලබා දෙමිනි.

“ඊයේ දැක්කා හමුදාපති කෙනෙක් එකතු වෙලා තියෙනවා. මේව මම කියන්න ලැජ්ජා නැහැ. මම ඊයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට කෝල් එකක් දීලා මේක කියන ටික කිව්වා.

එයා තමයි 2010 මම අත්අඩංගුවට ගත්තාම මාව නාවික හමුදාවේ හිර කරලා තියෙන කොට මට විරුද්ධව චෝදනා පත්‍ර නගන්න අවශ්‍ය සාක්ෂි සම්පිණ්ඩනය කළේ. ඒ කරලා චෝදනා හැදුවේ මෙයා තමයි. එ හින්දා එයා නිලධාරීන්, ජෙනරාල්ලා 25 දෙනෙකුට වඩා උඩට ගෙනෙල්ලා කෙළින්ම හමුදාවේ දෙවෙනියා කළා. එහෙම කරලා තමයි එයා හමුදාපති කළේ.

එදා ඉඳලා ගෝඨාභයත් එක්ක වරායේ හිටියා. ඊට පස්සේ ලේකම් කෙනෙක් වෙලා හිටායා. අන්තිමට ගෝඨාභය ගෙදර ගියාම…. දැන් මෙයා ගෝඨාභයගේ දකුණු අත. මෙයා ගන්නවා නම් ඊළඟට ගෝඨාභයත් ගන්න පුළුවන්…”

මේ අතර රට බංකොලොත් කෙරෙන තැනට ගෝඨාභයට ආර්ථික උපදේශයන් සැපයූ නාලක ගොඩහේවා මේ වන විටත් සජිත් ප්‍රේමදාසගේ ආර්ථික උපදේශකයා බවට පත්ව සිටී.

මේ අනුව සජිත් මේ පිරිස සමඟ හදන රට ගැන අදහසක් ගත හැකිය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us