සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අදත් වැඩ වර්ජනයක ! ලංකා හෙද සංගමය වර්ජනයට සහය නොදක්වයි

Published in පුවත්
Thursday, 01 February 2024 09:39

අද (01) උදෑසන 6.30 සිට ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු රවී කුමු‍දේශ් පැවසුවේ, වෛද්‍යවරුන්ට ලබාදුන් රු. 35,000 දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනයට එක්වන බවයි.

ඊට අදාළව මීට පෙර ද වැඩ වර්ජනයක නිරත වුවත් ඔවුන්ගේ ඉල්ලීම්වලට රජය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මේ පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

කෙසේ වෙතත් අද පැවැත්වෙන සෞඛ්‍ය වර්ජනය සඳහා සමස්ත ලංකා හෙද සංගමය සහය නොදෙන බව එම සංගමයේ සභාපති රවින්ද්‍ර කහඳවආරච්චි පැවසීය.

ඔහු මේ බව පැවසුවේ, ඊයේ පස්වරුවේ මල්වතු මහා විහාරයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us