ONLINEපනත අද සිට බලාත්මකයි

Published in පුවත්
Thursday, 01 February 2024 11:38

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අද (01) සිට බලාත්මක වෙයි.

ඒ, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද සිට සහතිකය සටහන් කිරීමත් සමගය.

පනත් කෙටුම්පත පසුගිය 24 වනදා පාර්ලිමේන්තුවේදී වැඩි ජන්දයෙන් සම්මත කෙරුණි.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සං‍ශෝධන සහිතව පසුගිය ජනවාරි 24 වන දා පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වුණි.

ඒ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙදින විවාදයක් පැවැත්වීමෙන් අනතුරුවය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 108ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද 62ක් හිමිවීමත් සමග එය වැඩි ඡන්ද 46කින් සම්මත වුණි.

මේ අතර පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව පසුගිය ජනවාරි 09වන දා සම්මත වු ජාතික ජල ශාස්ත්‍රීය පනත් කෙටුම්පතට සහ ජනවාරි 10 වන දා සම්මත වු අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධ පනත් කෙටුම්පතට ද කථානායකවරයා අත්සන් තබා තිබේ.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත් ද පනත් ලෙස බලාත්මක වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

මේ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

අද පෙරවරු 11ට එම රැස්වීම කැඳවා තිබු බව සඳහන්ය.

 

-P.M

Last modified on Thursday, 01 February 2024 11:59

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us