සෞඛ්‍ය වැඩවර්ජනය අද දිනටත්

Published in පුවත්
Friday, 02 February 2024 08:21

සෞඛ්‍ය වැඩවර්ජනය අද (02) දිනයේත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති පවසයි.

අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ පැවසුවේ වෘත්තීය සමිති නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී වර්ජනයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවය.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් තිස් පන්දහසක ඩැට් දීමනාව තමන්ටද ලබා දෙන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති හැත්තෑ දෙකක් එක්වී ආරම්භ කළ වැඩ වර්ජනයෙන් ඊයේ දිනයේත් රෝහල් කටයුතු අඩපණ වී තිබුණි.

එලෙස අඩපණ වී තිබුණු රෝහල් කටයුතු යථාතත්වයට පත්කිරීම සදහා ත්‍රිවිධ හමුදාව කැදවා තුබුණි. අද දිනයේදීත් රෝහල් කටයුතු සදහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගන්න බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම  පැවසුවේ, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරින් ඊයේ දිනයේද කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බවයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ සෞඛ්‍ය සේවකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මීට පෙර මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරින් සමග සාකච්ඡා කළ බවයි.

ඔවුන් ඒ පිළිබඳ තීරණයක් ගැනීමට මාසයක කාලයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටි බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

පවතින තත්ත්වය යටතේ පෙරේදා දිනයේ ද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට මේ පිළිබඳ සිහිකැඳවීමක් කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

-P.M

Last modified on Friday, 02 February 2024 08:34

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us