නිදහස් දින ජනපතිගේ පණිවුඩය

Published in පුවත්
Sunday, 04 February 2024 11:12

අතීත වැරදි යළි සිදු නොකළ යුතු බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

නිදහස් දින සැමරුම වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, නිදහසින් 75 වැනි වසර සමරද්දී අප බංකොලොත් රටක් ලෙස නාමකරණය වී තිබූ බවයි.

එහෙත්, 76 වැනි නිදහස් දිනය වන විට එම තත්ත්වයෙන් මිදී ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකිවූ බව, ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා පවසන්නේ, වත්මන් ගමන් මග නිවැරදි බව මුළු ලෝකය ම ඉදිරියේ සනාථ වී ඇති බැවින් එම ගමන් මගෙහි ම ඉදිරියට ගොස්, යළි සෞභාග්‍යය උදා කරගැනීමට මෙවර නිදහස් දිනයේ අදිටන් කරගත යුතු බවයි.

රට යළි ගොඩනැංවීමේ අභිමානවත් මෙහෙවරට හැකි ශක්ති ප්‍රමාණයෙන් දායක වන්නැයි ශ්‍රී ලංකා භූමියේත්, ඉන් පිටතත් වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව ද, ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

මේ අතර නිදහස සුරක්ෂිත කිරීමට කොන්දේසි විරහිතව ඇප කැපවීම පාලකයින්ගේ වගකීමක් බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

නිදහස් දින සැමරුම වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, නිදහස සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් කැපවීම සියලු පුරවැසියන්ගේ ද වගකීමක් බවයි.

ඒ අනුව නිදහස හා නිවහල් බව යනු, දිනාගත් පසු නිකම්ම පවතින දෙයක් නොව, නිරන්තරයෙන් ම ආරක්ෂා කළයුතු දෙයක් බව, විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

මේ අතර 76 වන නිදහස් දින සැමරුම හේතුවෙන් දිවයින පුරා සුරාසල් අද (04) වසා තැබීමට තීරණය කර තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, පෙබරවාරි මස 3 වැනිදා සුරාසල් වැසිය යුතු වේලාවේ සිට පෙබරවාරි 5 වැනි සඳුදා විවෘත කළ යුතු වේලාව දක්වා, සියලු සුරාසැල් වසා තැබිය යුතු බවයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us