කෘෂි ව්‍යාපෘතියක අධ්‍යක්ෂවරිය ඇතුළු කිහිප දෙනෙක් ගෙදර යවයි

Published in පුවත්
Monday, 05 February 2024 12:20

මහ කන්නයේ බඩ ඉරිගු වගාව සදහා දිස්ත්‍රික්ක පහකට වෙන් කරන ලද මුදල්   නිසි ලෙස ලබා නොදීම හේතුවෙන් කුඩා පරිමාණ කෘෂි ව්‍යවසාය සහභාගීත්ව වැඩසටහනේ අධ්‍යක්ෂවරිය (sapp) ඇතුළු එහි සේවය කරන කිහිප දෙනෙකු වැඩසටහනෙන් ඉවත් කර තිබේ.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඔවුන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර මහ කන්නයේ බඩ ඉරිඟු වගාවට බීජ, පොහොර සහ බිම් සැකසීම සඳහා දිස්ත්‍රික්ක පහකටම වෙන් කරන ලද මුදල් ලබා නොදීම  හේතුවෙන් මහින්ද අමරවීම අමාත්‍යවරයා ඉහත පියවර ගෙන ඇත.

එමෙන්ම සමහර ප්‍රදේශවලට මේ වනතුරුත් බඩ ඉරිඟු බීජ සහ අදාල මුදල් ලබාදී නැතැයිද ඇතැම් ප්‍රදේශ වලට දුන් බඩ ඉරිඟු බීජ ප්‍රමිතියෙන් තොර බවද ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී හෙලිතදරව් වී තිබේ.

හම්බන්තොට,අනුරාධපුර,මොණරාගල, අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්ක වල ගොවීන්ට බඩ ඉරිඟු වගාව වෙනුවෙන් රජයේ රුපියල් බිලියන දහයක මුදලක් වෙන් කර තිබූ බව කෘෂිකර්ම අමාත්‍යංශය කියයි.රජයෙන් වෙන් කළ මුදල් ප්‍රතිපාදන ගොවීන්ට ලබාදීම ප්‍රමාද වීම නිසා  ඔවුන්ට රන් බඩු ආදිය උකස් කර වගා කටයුතු කරන්නට සිදුවී තිබූ බවට කෘෂිකර්ම අමාත්‍යංශයට පැමිණිලි ලැබී තිබිණි. 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us