කච්චතිව් ආපසු ගන්නම් යුද්ධයක් කළ යුතුයි

Published in පුවත්
Wednesday, 27 August 2014 12:21
කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරා ගැනීමට නම් ශ‍්‍රී ලංකාව සමග යුද්ධයකට එළැඹිය යුතු බව ඉන්දීය නීතිපතිවරයා එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත. එසේ නොමැතිව නීතිය මගින් එම දූපත නැවත ඉන්දියාවට පවරා ගත නොහැකි බව ඔහු පෙන්වා දී ඇත.
 1974 වසරේ අත්සන් තැබුණු ද්විපාර්ශ්වික ගිවිසුමකින් කච්චතිව් දූපත ශ‍්‍රී ලංකාවට පවරා දුන්නේය. ඒ අනුව එම දූපතේ සම්පූර්ණ අයිතිය දැන් ශ‍්‍රී ලංකාවට හිමිව තිබෙන බව ඉන්දීය නිතිපතිවරයා ප‍්‍රකාශ කරයි.
 
ශ‍්‍රී ලංකාවේ රඳවාගෙන සිටින ඉන්දීය ධීවරයින්  පිරිසක් නිදහස් කරවා ගැනීම සඳහා වහාම මැදිහත්වන්නැයි ඉල්ලා සිටිමින් එරට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු විසින් ගොනුකරන ලද පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බැලෙමින් තිබිය දී නීතිපතිවරයා අදාල දැනුම්දීම කළේය.
 
ඊට ප‍්‍රතිචාර දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ප‍්‍රකාශ කළේ ප‍්‍රශ්න විසඳා ගත යුත්තේ යුද්ධයෙන් නොව සාමකාමීව බවය.
 
 
මේ අතර කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරා ගන්නැයි ඉල්ලමින් තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් සහ විපක්‍ෂ නායක එම්.කරුණානිධි විසින් ගොනුකරන ලද පෙත්සම් දෙකක් ලබන සතියේ විභාගයට ගැනීමට නියමිතව ඇත.
 
එම පෙත්සමෙන් තර්ක කර ඇත්තේ 1974 වසරේ අත්සන් තැබුණු ද්විපාර්ශ්වික ගිවිසුම වලංගු එකක් නොවන බවය .
(නෙත් එෆ්.එම්)

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us