ඉන්දියානු විදුලි මෝටර් රථ කර්මාන්තයේ සුවිසල් දියුණුවේ ප්‍රතිලාභ ලංකාවට අත්පත් කර දිය යුතුයි - බන්දුල

Published in පුවත්
Tuesday, 06 February 2024 08:08

ඉන්දියානු විදුලි මෝටර් රථ කර්මාන්තයේ සුවිසල් දියුණුවේ ප්‍රතිලාභ ලංකාවට අත්පත් කර දිය යුතු යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය.

ඉන්දීය වාණිජ හා කර්මාන්ත පාරිභෝගික සබඳතා ඇමැති පියුශ් ගොයාල් (Piyush Goyal )ගේ විශේෂ ආරාධනය පරිදි, ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැති “2024 භාරත් ජාත්‍යන්තර සංචරණ ප්‍රදර්ශනයේ (Bharat Mobility Expo 2024)” විශේෂ ආරාධිතයකු වශයෙන් එක් වූ ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

තෙදිනක් පුරා පැවැති මෙම ප්‍රදර්ශනයට ඉන්දියානු සහ ජාත්‍යන්තර මෝටර් රථ වාහන නිෂ්පාදන සහ ව්‍යවසායක ක්ෂේත්‍රයේ ආයෝජකයන්, නව නිපැයුම්කරුවන් ඇතුළු විශාල පිරිසක් තම නිෂ්පාදන සහ නිර්මාණ ඉදිරිපත් කර තිබිණි.

සංචරණයේ අනාගතය උදෙසා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් එකම වේදිකාවක් තුළට ගැනීමේ සංකල්පය යටතේ මෙම ප්‍රදර්ශනය හා සමුළුව සංවිධාන කෙරුණු අතර ඒ සඳහා මෝටර් රථ වාහන හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ නිරත අටසීයකට අධික ප්‍රදර්ශකයන් පිරිසක් එක්ව සිටි අතර විදේශීය ප්‍රදර්ශකයන් පනහකට අධික පිරිසක් ද එක්ව සිටියහ. ප්‍රදර්ශනයට සමගාමීව විවිධ තේමාවන් ඔස්සේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්ගේ සහභාගිත්වයෙන් සමුළු 20ක්‌ සංවිධාන කර තිබිණි.

මෝටර් රථ වාහන ක්ෂේත්‍රයේ තාක්ෂණික විසඳුම්, ඉදිකිරීම් උපාංග උපකරණ දෙමුහුන් හා විද්‍යුත් රථවාහන ඇතුළු අංග රැසක් යටතේ මේ වෙනුවෙන් ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කර තිබූ අතර මෝටර් රථ වාහන ක්ෂේත්‍රයට අදාළව ඉන්දියාව ලබාගෙන ඇති සාර්ථකත්වය ලොවට විදහා දැක්වීමද මෙම ප්‍රදර්ශනයේ තවත් අරමුණක් විය.

අනාගත මෝටර් රථ ප්‍රවාහන ක්ෂේත්‍රයට ගැළපෙන ආකාරයෙන් ඉදිරිපත් කරන ලද තොරතුරු තාක්ෂණ සහ මෘදුකාංග නිෂ්පාදන රැසක් ද මෙහි දී එළිදැක්විනි.

එළැඹෙන මාර්තු මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සංචරණ ප්‍රදර්ශනය සහ සමුළුව සඳහා මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනයට එක්වූ ඉන්දීය සහ විදේශීය ආයෝජකයන්, නිෂ්පාදකයන් සහ ව්‍යවසායකයන් දායක කර ගැනීමද ඊට එක්වූ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ අරමුණක් විය.

ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල සිය මෝටර් රථ වාහන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආයෝජන සිදු කර ඇති සමාගම් රැසක අති නවීන මගී ප්‍රවාහන බස් රථ ඇතුළු නව නිෂ්පාදන නිරීක්‍ෂණයටද එක්වූ අතර ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක ප්‍රධානීන් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන හා මහා මාර්ග ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථාවන් පිළිබඳ ප්‍රදර්ශනයට එක් වූ ඇමැතිවරයා සාකච්ඡාවල ද නිරත විය.

- දිනමිණ 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us